Seasone 2 🔴 PART : 10🔴

447 69 5
                                    

Next day

Anu's pov

නැගිට්ට වෙලේ ඉදන් මං මේ පැයක් විතරම මගේ ෆෝන් එක හෙව්වා . මොන ලොකෙද මං ඒක දැම්මෙ . සාලෙ වෙන්නම ඕන . මොකාද ඊයෙ අපි අන්තිමට හිටියෙ එතනනෙ .

Anu : අනේ... කෝ ඔයා....

Tae : මමද.... මං මෙහෙ

Anu : යා..... තමුසෙ නෙවේ .

Tae : හරි ඉතීම් . සමාජයක් ඉස්සරහ ඔක බෙරිහන් දෙන්න ඕනත

Suga : මොනාද අනූ තමුසෙ ඔය සෝෆා එක අස්සෙ රිංගගෙන හොයන්නෙ .

Eha : මාත් දැන් ගොඩක් වෙලා බලාගෙන හිටියෙ...

Anu : මගෙ ෆෝන් එක අනේ...

එහෙම කිව්වහම ටේ එතනින් නැගිටලා ගියා .

Anu's pov

මේ මැන්ටලේ ඇයි මේ ශේප් එකේ ලිස්සලා යන්නෙ . 🙄 ඉදාම් බලන්න .

එහෙම හිතලා මාත් ශේප් එකේ හැංගිමුත්තම් කර කර පස්සෙන් ගියා .

මං දැක්කා ටේ එයාගෙ සාක්කුවෙන් මගෙ ෆෝන් එක ගන්නවා .

Anu : යා...... ඔයා ඒක හංගං හිටියෙ ඇයි ?

Tae : ඈ... නෑ නෑ.. ම්.මේක මේ මෙතන තිබ්බෙ . මං අරං එන්න හැදුවෙ...

Anu : ටේ..... බොරු කියන්න එපා හාද ? මං දැක්කා . 😒

එහෙම කියලා මං ෆෝන් එකත් අරගෙන ආපහු ලිවින්ග් රූම් එකට ආවා . මං ෆෝන් එකට ආපු නොටිෆිකේශන්ස් චෙක් කරන කොටයි දැක්කෙ සූහොගෙන් ඇවිල්ලා තිබ්බ කෝල්ස් කන්දරාව . ඊයෙ රෑ ඉදන් එක කෝල්ස් පනහකට වඩා ඇවිල්ලා තිබ්බා . ඒක තමා මේ ටේහ්‍යුන් මේක හංගන් ඉදලා තීන්නෙ . 😑 . මහ පිස්සු හෝන්තුවක් . හේතුවක් නොදන්න නිසා මං ඉක්මනින් සූහොට කෝල් බැක් කළා . හැමෝම තම තමංගෙ වැඩ වල හිටපු නිසා මාත් පොඩ්ඩක් එතනින් අයිනට උණා .

Anu : සූහෝ.. යොබුසේයෝ . කෝල්ස් ගොඩක් අරගෙන තිබ්බනෙ.

Suhoo : අනූ.... මගෙ නූනාව හොයා ගන්න නෑනෙ...

Anu : වට්... ඒ ඇයි කෝල් කරලා බැලුවද ?

Suhoo : ඔව් අනූ... මංදා කොහෙ ගිහින්ද කියලා...

Anu : මට ඒයාගෙ නම්බර් එක එවන්න බලන්න සූහො

Suhoo : හරි මං දාන්නම්

LOVE & MAFIA  2 || sinhala ✅Where stories live. Discover now