🖤 Chapter 12🖤

504 126 10
                                    

"ඒ ජිමින්.මොන ලොකේද බන් ඉන්නෙ.ඉස්සරහ බලනවා."

ටේහ්‍යුන් එහෙම කියලා ජිමින්ගෙ උරහිසෙන් අත තියද්දි මෙච්චර වෙලා බිම බලාගෙන කල්පනා කර කර හිටියෙ ජිමින් ඔලුව ඉස්සුවා.
ඉස්සරහ බලපු ජිමින්ගෙ කට ඇරුනෙ ඉස්සරහ ස්ටේජ් එක උඩ හිටිය කෙනා දැකලා.

"කෝ ප්‍රොෆෙසර් මින් ."

" ඒක තමා බන්.ප්‍රොෆෙසර් මින් නෑ. ප්‍රොෆෙසර් ජෝන් තමා ඇවිත් තියෙන්නෙ .ප්‍රොෆෙසර් මින්ට අසනීපයක්වත්ද ? "

ටේහ්‍යුන් එහෙම කියනවත් එක්කම ජිමින් ඉදන් හිටිය තැනින් නැගිට්ටා.

"මිස්ටර් පාක් එනි ප්‍රොබ්ලම් ? "

" ප්‍රොෆෙසර් ජෝන් ප්‍රොෆෙසර් මින් කෝ ? "

" හ්ම්.ප්‍රොෆෙසර් මින් නේද ? "

" ඔව්."

"ප්‍රොෆෙසර් මින් දැන් මේ යුනිවර්සිටි එකේ වැඩෙ නෑ.එයා ඊයෙ අස් වුනා.ප්‍රොෆෙසර් මින් නෙමේ අද ඉදන් ඔයාලට maths උගන්නන්නෙ.අද ඉදන් අලුත් ප්‍රොෆෙසර් කෙනෙක් වෙනකන් ප්‍රොෆෙසර් මින්ගෙ ලෙක්චර් එක මමයි කරන්නෙ."

"මොකක් "

ජිමින් එකපාරටම එහෙම හයියෙන් කියද්දි  හෝල් එකේ හිටියෙ හැම ළමයෙක්ම වගේ ජිමින් දිහා බැලුවා.ළමයි විතරක් නෙම් ප්‍රොෆෙසර් ජෝනුත් ජිමින් දිහා බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරන්.

"ඒත් එහෙම කොහොමද එයා යන්නෙ එකපාරටම ."

ජිමින් තමන් එක්කම එහෙම කියලා ආයෙත් ප්‍රොෆෙසර් ජෝන් දිහා බැලුවා

"ප්‍රොෆෙසර් ජෝන් ප්‍රොෆෙසර් මින් කොහෙද ගියෙ ? එයා ආයෙ එන්නෙ නැද්ද ? "

" එයා සෝල් වලින් යනවා.දැන්මම ගිහින්ද කියන්න දන්නෙ නෑ.කොහෙ යනවද කියන්නම් මන් දන්නෙ නෑ.ප්‍රයිවට් දෙයක් නිසා තමා ප්‍රොෆෙසර් මින් යුනිවර්සිටි එකෙන් අස් වෙලා ගියෙ.ඕනම කෙනෙක්ට ප්‍රශ්න තියෙනවනේ.ඔයාල දැන් ඒ ගැන හිතන්න එපා.අපි දැන් අපේ වැඩේ පටන් ගමු.

මිස්ටර් පාක් ඔයා දැන් ඉදගන්න."

ප්‍රොෆෙසර් ජෝන් ජිමින්ට එහෙම කිව්වෙ මොකද කිව්වොත් කොල්ල තාමත් හිටගෙන හිටිය නිසා.

ටේහ්‍යුන් ජිමින්ගෙ අතින් ඇදල ජිමින්ව ඉන්දවනකන් කොල්ල හිටියෙ ගල් වෙලා වගේ.ඉදගත්ත වුනත් කොල්ලගෙ හිතනම් ලෙක්චර් එකේ නෙමේ තිබ්බෙ.ලෙක්චර් එකේ හිටියත් කොල්ලා ලෙක්චර් එකේ කිව්ව කිසිම දෙයක් අහන් හිටියෙනම් නෑ.

ප්‍රොෆෙසර් ජෝන් ලෙක්චර් එක දීලා එළියට යනවවත් කොල්ලට ගාණක් තිබ්බෙ නෑ.ප්‍රොෆෙසර් ජෝන් එළියට ගිය ගමන්ම ජිමින් තමන්ගෙ බෑග් එකත් අරන් ටේහ්‍යුන් තමන්ගෙ නම කියලා කෑගහද්දිම  ලෙක්චර් හෝල් එකෙන් එළියට ගියා.

ජිමින් යුනිවර්සිටි එකෙන් එළියට ඇවිත් ටැක්සි එකක නැගලා ගියේ යුන්ගිගෙ අපාට්මන්ට් එක තියෙන තැනට.ජිමින්‍ට ටේහ්‍යුන්ගෙන් කෝල්ස් ගොඩක් ආවත් කොල්ල එක කෝල් එකක්වත් ආන්සර් කරේ නෑ.

කොල්ලගෙ හිතේ තිබ්බෙ එක දෙයයි.ඒ කොහොමහරි යුන්ගිගෙ හම්බවෙන්න ඕනේ කියන එක.තමන්ගෙ හිතේ තියෙන දේ  යුන්ගිට කොහොමහරි කියන්න ඕනේ කියලා.

To be continue .

ඔන්නම් ඉතින් ඊලග චැප්ටර් එකෙන්ම දෙන්නව සෙට් කරන්න පුලුවන් .

හැබැයි ඉතින් එහෙම කරන්න හිත දෙන්නෙ නෑ මට.😁😁🤭🤭🤭.

සරංහේ .
Bunny Queen
💜️💜️💜️💜️

🅜🅨 🅡🅞🅜🅔🅞 || 🅨🅞🅞🅝🅜🅘🅝|| 🅒🅞🅜🅟🅛🅔🅣🅔Where stories live. Discover now