~= අම්බර 21=~

254 66 21
                                    

'' ආයුධාන..!!! ආයු ! ආයු ආයු !!..''

'' කාලක්ෂ... කාල... ! කාල කාල!!,.. ''

විශ්වගුප්ත ආශ්‍රමයේ විසල් කුඹුක් වෘක්ෂයන්ගෙන් ගහන වූ ගංගා දිය මංකඩ අද නම් කනිෂ්ඨයන්ගේ දියකෙළි සදහා වෙන්ව ඇතිවාක් මෙනි. හෙට දිනට ශේෂ පැවරුම් පිළිබද වගතුවක් නොවූ කෙළිලොල් කනිෂ්ඨයන් සියල්ලක්ම පාහේ බදවටක් දියෙහි බැස කදුරු ඇල්වීමේ මහා ක්‍රිඩාවේ ය.

'' ආයු ! ආයු ආයු !!!..''

'' කාල ! කාල ! කාල!.. ''

මෙවර කදුරු බෝලය ප්‍රතිවිරුද්ධ කණ්ඩායටම පිරිනැමීමට නියමිතව ඇත්තේ ආයුධානගේ  කණ්ඩායමට විය. ආයුධානත් , කළ්‍යාණතොට කනිටු පුත් කාලක්ෂත් මුහුණට මුහුණලා සිටින්නේ මීළග තරග වටය ආරම්භ වීමේ සංඥාව ලැබෙන තුරු ය. කුඩා කීර්ණභ අසල වූ විසල් ගල මතට නැග රත් පැහැ සළුවකුත් , කහ පැහැ සළුවකුත් බටලී පතුරකුත් අල්වාගෙන සිටින්නේ තරගාරම්භ සංඥාව ලබා දීමේ සූදානමිනි.

'' ඔල්ල.. අපි... ගියා... සැරස්සේන්... එල්ලල්වේන්... යා.. ''

කීර්ණභගේ සංඥාවත් සමගින් ආයුධාන සිය දෑතෙහි වූ කදුරු ගෙඩිය ප්‍රතිවිරුද්ධ මායිම වෙත විසි කලේ සිය උපරිම වැර යොදමිනි. තරගයේ නිති රිති නම් මෙසේ ය. කදුරු බෝලය ජල තලයේ ගැටීමට පෙර අල්වාගත හොත් ඒ ඇසිල්ලේම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙත විසි කළ යුතු අතර , ජල තලයේ ගැටුනහොත් අනෙක් පසට ලකුණක් බැගින් හිමිවේ ය. ප්‍රතිවිරුද්ධ කණ්ඩායම කදුරු බෝලය අල්වන අතරේදි පිරිනැමූ තැනැත්තා ප්‍රතිවිරුද්ධ මායිම වෙත පිහිනා ඔවුන් සතුව තිබෙන කදුරු ලී පෙති , ඩැහැ ගැනීමට සමත් වුවහොත් එක් ලී පෙත්තකට ලකුණු දහය බැගින් අදාළ කණ්ඩායමට හිමි වේ. ඉදින් ක්‍රිඩාවේ නිරත වන්නා සෑම විටම , තමාගේ ඉණෙහි එල්ලා ඇති කදුරු ලී පෙති දෙසත් , කදුරු බෝලය දෙසත් එක සේ අවධානයෙන් පසු විය යුතු විය. ලී පතුර අහිමිවන ක්‍රිඩකයා තරගයෙන්ද ඉවත් වන්නේ අදාළ කණ්ඩායමේ සාමාජිකයන් අවම කරමිනි. උත්සන්නව ඇදී යන ක්‍රීඩාවේ උණුසුම් බව කිසිවිටෙකත් නොවියැකුණු අතර , ක්‍රිඩකයන් සියල්ලම පාහේ ස්නානය කරවීම ද මෙහි ප්‍රධාන අරමුණ විය.

𓀃 අම්බර 𓀃  ( On hold )Where stories live. Discover now