05💌

335 60 46
                                    

*╚═══❖•ೋ° °ೋ•❖═══╝*

Love has no color, no age, no gender. All you need is your heart

╔═════ೋೋ═════╗

හිමාශ දානේ ගෙදරට පැමිණියේ අම්මාත්, අක්කාත් බල කල නිසාම නොව තනිව ගෙදර රැදී සිටීමට නොහැකි බැවිනි.අම්මා ගමේ ඕනෑම කෙනෙකුට උදව් පදව් කරන්නට නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටින්නීය. අයියාද ඊට දෙවෙනි නැත. එහෙත් හිමාශ ඕනෑම කෙනෙක් ඇසුරු කළේ ගණනකට ය. සිය පරපුරේ උජාරුව පිළිබඳව නිරන්තරයෙන්ම කයිවාරු ගසන සුමනාවතී මැනිකේ ගේ නිවස ඔහු කොහෙත්ම ප්‍රිය කළ ස්ථානයක් නොවේ.

"මොන එකකටද මන්දා අම්මා ගමේ හැම මගුලම බාරගන්නේ......"ඔහු අම්මත්, අක්කත්  සමග ගෙදරින් පිට වූයේ මැසිවිලි නගමිනි.

"පොළොව පයගහලා ඉන්න ඉගෙන ගන්න......අපිට ගම්වල ඉන්න බැහැ හරියට වෙනම ග්‍රහ ලෝකෙකින් ආවා වගේ......"අම්මා තදින් පැවසූවිට හිමාශගේ කට වැසිණි.

"අද නම් වහී... හිමාෂ පුතා මෙහෙ ආව හින්දා...."සුමනාවතී මැනිකේ ඔවුන්ව පිලිගත්තේ එසේ කියමිනි.

"අනේ මුතූ අක්කා, මම මේ මග බලාගෙන හිටියේ කොයිවෙලාවේ එයිද කියලා....මුතූ අක්කා වගේ දැනුම් තේරුම් ඇති කෙනෙක් නැතුව මේවා පිලිවෙලක් කරගන්න අමාරුයි...."

සුමනාවතී මැනිකේ අම්මත් සමග කුස්සියට ගියාය .දිලංකා තවත් යුවතියන් කිහිප දෙනෙකු සමග එක් වී නිවස අස්පස් කිරීමාදිය කරන්නට පටන් ගත්තාය. හිමාශ එවැනි දේවල් වලට දක්වන අකමැත්ත නිසා දිලංකා තම බාලසොහොයුරාට කතා කලේ නැත.

දෙනෝ දාහක් මැද තමන් තනි වූ බවක් හිමාශට දැනිණි.ඔහු සෙමින් සෙමින් නිවස ඉදිරිපසට ගියේය.

"ආ....චූටී ඔයත් ආවද....?" අකලංක ඔහු අසලට ගියේ එසේ අසාගෙනය.

You've reached the end of published parts.

⏰ Last updated: Jul 10, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝚂𝙴𝙰𝚂𝙾𝙽 𝚃𝙸𝙲𝙺𝙴𝚃 ( 𝚞𝚙𝚌𝚘𝚖𝚒𝚗𝚐 𝚏𝚏)Where stories live. Discover now