Chapter 10

215 52 18
                                    

"ඒක ගැන්ග්නම් වලට අදාළ කේස් එකක් නෙවෙයි. සර් ඒකට අත තියන්න යන එක හොද වැඩක් නෙවෙයි."

"ගැන්ග්නම් වුණත් ගන්බුක් වුණත් ඩිටෙක්ටිව් කෙනෙක් විදිහට සාධාරණයක් වෙනවා මං ඕනිම දෙයක් කරනවා ටේහ්‍යොන්ග්."

"හශ්... අරස්සෝ මෙන්න ෆයිල් එක."

ටේහ්‍යොන් අකමැත්තෙන් වුණත් මං කියපු ෆයිල් එක ගෙනත් තිබ්බ නිසා හිනාවක් ගියේ කොහොම හරි මට ඕනි විදිහට වැඩේ වුණ නිසා.

"ඊයේ රෑ 11.57ට ක්ලබ් එකේ පිටිපස්සේ සීසීටීවී වල විතරයි කෙල්ල පේන්න හිටියේ. නම සේහි. ක්ලබ් එකේ තාවකාලික සින්ගර් කෙනෙක් විදිහට වැඩ කරලා. අද උදේ 10.30ට බොඩි එක හම්බුණා ගන්බුක් වල ප්‍රසිද්ධ හෝටලේක තිබිලා. පැමිණිල්ල දීපු සේහි ගේ ඔම්මා කියපු විදිහට හැමදාම සේහි 12.30 වෙද්දි ගෙදරට එනවා. ඊයේ නැති නිසා ගන්බුක් පොලිස් ස්ටේෂන් එකට පැමිණිල්ලක් දාලා. හවස 2 වෙද්දි බොඩි එක ගෙදරටත් යවලා. කිසිම තොරතුරක් නැතුව. සැකේට තමයි ගැන්ග්නම් වල පැමිණිල්ලක් දාලා තියෙන්නේ. අපිට හොටෙල් එකේ හරි අනිත් සීසීටීවි හරි චෙක් කරන්න නම් අවසරයක් ඕනි වෙනවා."

"ඕකේ.. ගුඩ් ජොබ් ටේහ්‍යොනා. මං අවසර ගන්නම්. ක්ලබ් එකේ ඇතුලෙ සීසීටීවි චෙක් කරන්න."

"දේ සර්."

ටේහ්‍යොන් යනකන් ඉදලා හෙඩ් ඔෆිස් එකට කතා කරත් කිසිම අවසරයක් නොලැබුණේ සැක හිතෙන විදිහට. ඒ අතරේ මගේ ෆෝන් එකට ආපු කෝල් එක ආන්ස්වර් කරලා ෆයිල් එක චෙක් කරන ගමන්ම කනේ තියාගත්තේ ආපු කෝල් එකෙන් කිසිම වැඩක් නැති නිසා.

"යෙබුසයෝ..
මං බිසී.."

"මං දන්නවා ඩිටෙක්ටිව් පාර්ක්.. ගන්බුක් වල කේස් එකකට බලෙන් අත තියන්න යන මෝඩ වැඩ බලන නිලධාරියාට උදව්වක් දෙන්න හැදුවේ. එපා නම් මං තියන්නම්."

ටේහ්‍යොන් ඒ ටිකටත් මේක චීෆ් ගේ කනේ තියපු බව තේරුණත් මේ වෙලාවේ උදව්වක් ගන්න ඉන්න එකම කෙනත් චීෆ්ම තමයි.

"යාහ් තියන්න එපා. මං මෝඩයෙක් නෙවෙයි. කවුද දන්නෑ මෝඩයෙක් වගේ ගිනි ගන්න ගෙයක් ඇතුලට දෙවෙනි වතාවටත් ගිහින් නිවාඩු දාලා ගෙදරට වෙලා ඉන්න ගමන් එයාගේ වැඩත් එක්ක කරන සහය වැඩ බලන නිලධාරියාට වද දෙන්නේ."

•𝚃𝚑𝚎 𝚂𝚎𝚌𝚛𝚎𝚝 𝙲𝚊𝚛𝚎𝚛 '𝙼𝚢 𝙻𝚘𝚟𝚎𝚛'•  | 𝚈𝚘𝚘𝚗𝚖𝚒𝚗Where stories live. Discover now