ᴄʜᴀᴘᴛᴇʀ ᴠ

69 12 0
                                    

Author's pov

"එපා එමා ඒ මාලිගාවට යන්න, මිස් එපා කිව්ව නේද!"

"උඹ ඉන්න එහෙනම් මම යනවා" සුපුරුදු හිතුවක්කාර හඩින් ඇය කිව්වේ තමන්ගේ මිතුරියගේ කීමත් ගනනකට ගන්නෙ නැතිව.

Some unknown pov

ආශ්.. මට එදා ශොප් එක ලගදි ඒ කෙල්ලෙගේ මූන බලාගන්න බැරි උනානේ. මන් එයාව අල්ලපු මොහොතෙම මට දැනුනා ඒ මගේ මේට් කියලා. ආහ්… මට මේ මොකද වෙන්නේ, ඒ කෙල්ල මේ ලග පාතකම ඉන්නවා වගේ දැනෙන්නේ ඇයි මට! මගේ ඔලුව අහ්.. අර හොටෙල් බැල්කනි එකෙ ඉන්නෙ එයාද!? ඔව් ඒ වගේ.. ආශ්.. එත් හරියට මූන බලාගන්න බැරි උනානේ… shit! එ.. එයා මේ පැත්ත බලන්න වගේ හදන්නේ ඉක්මනට මාරුවෙන්න ඕනි මේ ජනේලය ලගින්.

Author's pov

ඉතින් එමා මහ රෑ හෙමින් හෙමින් හෝටලයේ පිටුපස ගේට්ටුවෙන් එලියට ගියේ හොර පූසියක් වගේ. හෝටලයේ පිටුපස ගේට්ටුවට ටික දුරකින් තමා ඩ්‍රැකියුලා මන්දිරයේ ගේට්ටුව පිහිටා තිබුනේ. ඉතින් එමා තම අතේ තිබූ විදුලි පන්දම දල්වාගෙන ඩ්‍රැකියුලා මන්දිරය දෙසට යන්න පිටත් උනා. දිගු කලකින් විවෘත නොකල බව අගවමින් මන්දිරයේ ගේට්ටුවට දමා තිබූ ඉබි අගුලද ශක්තිමත් ලෙස රැදී තිබුණා. අවට වටපිටාව නිරීක්ෂණය කළ එමා තමාට ටික දුරකින් පොළොවේ වැටී තිබුන තරමක් විශාල ගලකින් ගේට්ටුවට දමා තිබූ අගුල කඩා දමා මාලිගය පිහිටි වත්තට ඇතුලු උනා. එක්වරටම එමාට අමුතු හැගීමක් තමාව වෙලාගන්න ලෙස දැනුණා. එමාට පමණක් නොවේ තවත් කෙනෙකුට එය එලෙසම දැනුණා කිවහොත් නිවැරදියි.

එමා තමාට දැනුණ දෙය තමා හිතේ මවාගත් දෙයක් ලෙස සිතා එය නොසලකා හැර මාන්දිරය තුලට යාමට මගක් සොයාගැනීමට පිටත් වුනේ එහි දොරටු සියල්ල වසා තිබූ නිසාත් තමාට ගේට්ටුවේ අගුල මෙන් දොර අගුලුද කැඩිය නොහැකි බව වටහාගත් නිසාත්‍ ය.

මද වේලාවකට පසු අලංකාරවත් ලෙස මල් වැල්වලින් වටවී වැසී තිබුනු රහස් මාර්ගයක් වැනි යමක් ඇයට සොයාගත හැකිවුණා. ඇය සෙමින් සෙමින් එම මාර්ගය දිගේ ඉදිරියට ඇදීගියා. මද දුරක් යනවිට ඇයට දැක ගැනීමට ලැබුනේ නෙත් අදහාගත නොහැකි දසුනක්.

My Vampire Prince | A trip to Transylvania ✔Where stories live. Discover now