🧡 21 🧡

1.1K 217 75
                                    

" සෝ ආ තමුසෙට මොකද්ද වෙලා තියෙන්නේ.."

ජිමින් කෑගැහුවේ කෙල්ල එක දිගට step වරද්දපු නිසා මොකද කෙල්ලගේ සිහියෙන් නෙවෙයි ඩාන්ස් කලේ ඒ වීඩියෝ එක කෙල්ලගේ ඔලුවේ වැඩ කලේ

" තමුසේ මොන ලෝකෙද ඉන්නේ මෙලෝ සිහියක් නැ කවුරු ගැන ද ඔච්චර හිතන්නේ..."

ජිමින් කෙල්ලට බනිද්දී සෝ ආ එතැනින් ගියේ කදුලු පිහිදන ගමන්

" තමුසේ කොහෙද ඔය යන්නේ ආ "

ජිමින් කියන කිසිදෙයක් ඇහෙන්නේ නැති ගානට සෝ ආ රූම් එකට ගිහින් ෆෝන් එක අරගෙන ආපහු ජිමින් ලගට ආවා කෙල්ල අර වීඩියෝ එක ජිමින්ට පෙන්නුවා කොල්ලා ඇස් ලොකු කරගෙන සෝ ආ දිහා බැලුවා කෙල්ල ඇස් වල කදුලු පුරවගෙන බලාගෙන හිටියා

" ඩෝල්..."

" මේ මොකද්ද ජිමින්.."

සෝ ආ කොල්ලාට තදින් කතා කරපු පලවෙනි වතාව ජිමින් හිටියේ සෝ ආට මොනා කියන්න ද කියලා හිතාගන්න බැ

" ඩෝල්..මේ.."

" කියන්න මොකද්ද මේ..ම්ම් "

සෝ ආ කදුලු පිහිදගෙන ඇහුවේ ජිමින්ගේ නිහඩතාවය කෙල්ලව තවත් රිද්දුවා ඒ දේවල් ඇත්ත කියලා පිලිගන්න සෝ ආගේ හිත කැමති වුනේ නැ

" ඩෝල්....."

" මං කොහොමද පිලිගන්නේ ම්ම් ජිමිනි කියන්න ඔයා හැටි මම නොදන්නවා කියලා ද හිතාගෙන ඉන්නේ මම මුකුත් නොකියා කටවහගෙන හිටියාම ඔයා කරන දේවල් දන්නේ නැ කියලා ද ඔෆිස් යනවා කියලා ක්ලබ් ගිහින් කෙල්ලෝ එක්ක නටලා අන්තිමට මගේ ලගට එනවා "

ජිමින් සෝ ආගේ කට දෙපැත්තෙන් අල්ලාගත්තේ කෙල්ලගේ කදුලු අලුත් වෙද්දී

" තමුසෙට මෙච්චර දවසක් මම හොදින් සැලකුව හින්දා ද කෑගහන්නේ ආ තමුසෙව අර අපායෙන් එක්කගෙන ඇවිත් මෙහේ තියාගත්තාට ද මට කෑගහන්නේ සෝ ආ තමුසේ තාම ජිමින් කියන්නේ කවුද කියලා දන්නේ නැ ඒක නිසා කටවහගෙන ඉන්නවා තමුසේ මගේ වයිෆ් වෙන්නේ ලෝකෙට විතරයි ඒක මතක තියාගෙන ඉන්නවා සෝ ආ "

ජිමින් සෝ ආව තල්ලු කරලා යන්න ගියා කෙල්ල ජිමින් යන දිහා බලාගෙන හිටියා ජිමින් මෙහෙම කතා කරයි කියලා සෝ ආ හිතුවේ නැ කොල්ලාගේ වචන සෝ ආව ගොඩක් රිද්දුවා

𝖴𝗇𝖿𝗈𝗋𝗀𝖾𝗍𝗍𝖺𝖻𝗅𝖾 𝖭𝗂𝗀𝗁𝗍🔞||𝖯𝖩𝖬||✔️Where stories live. Discover now