දොළොස්වෙනි ආදරය 💜️💜️

58 14 0
                                    

නූනා එහෙම කියලා නැගිටලා යන්න හදද්දීම ජින් හියුන් නූනගෙ කම්මුලට ගැහුවේ අපිවත් පුදුම කරලා. කවදාවත් ජින් හියුන් මෙහෙම හැසිරෙන කෙනෙක් නෙමෙයි. ඒත් අද...

…………………………………………………

" ජියොන්ගෙයි සුකීගෙයි මරණෙට වගකියන්න ඕනි තමුන් කියලා මන් දන්නවා ජිනී."

" ජින්..."

" මේකත් හොදට මතක තියාගන්නවා ජිනී. අද ඉදන් තමුන් මගේ කවුරුත් නෙමෙයි. "

" ජින්.. ජින්..."

නූනා කතා කරත් හියුන් කාර් එකත් අරන් යන්න ගියේ කේන්තියෙන්. නූනගෙ පැත්තෙන් කිසිම දෙයක් දන්නේ නැති නිසා අපි හැමෝම නිහඩ වුනේ නූනගෙ පොරොන්දුවක් පිට.

Time pass 🍁🍁

" යොබොසෙයෝ නූනා"

..................................................

" කීයටද එන්න ඕනි..."

..................................................

" දේ නූනා.. මන් එයාලවත් එක්කන් එන්නම්"

..................................................

" දේ අරස්සෝ නූනා.. "

" අප්පා කොහෙ හරි යන්නද හදන්නේ"

" අප්පා විතරක් නෙමෙයි ඔයාලත් "

" ඕදිස්සෝ"

" ට්‍රිප් එකක්. කට්ටියම යනවා. හරියටම තුන වෙද්දී ලැහැස්ති වෙලා ජීනූලගෙ ගෙදර ඉන්න ඕනි"

" දේ අප්පා... හායොන්..  මල්ලී බබූ ඉක්මන් කරන්න .. අපි ට්‍රිප් එකක් යනවා.."

සතියකට හරියන්න අපි තුන්දෙනා බඩුත් පැක් කරන් ගියේ ජින් හියුන්ලගෙ ගෙදර. අපි යද්දීත් අනිත් කට්ටියත් ඇවිත් හිටියා. කට්ටියටම එකටම යන්න ලේසි වෙන්න යුන්ගි හියුන් බස් එකක්ම කතා කරලා තිබුනේ. පොඩි අයගේ සද්දේ එක්ක අපේ කන් වලටනම් පොඩ්ඩක්වත් නිදහසක් තිබ්බේ නෑ. සෝල් වලින් අපි ගොඩක් දුර ආවේ හිතට සැනසීමක් ලබාගන්න. හායොන් හනා දෙන්නම රශී එක්ක වලි. රශී කියන්නෙත් තනිකර පිස්සු කෝච්චියක්. ලමයි දෙන්නෙක් ඉන්නවා කියලා ගානක්වත් නෑ. පොඩි එකෙක් වගේ.

💜️💜 ️INDELIBLE LOVE 💜️💜️ [JJ] (  Complete  )Tempat cerita menjadi hidup. Temukan sekarang