Dream 14 🌼

27 8 3
                                    

පාලිකා කිම්..

රැජිණියගේ ඇමතුමට ප්‍රතිචාර දක්වමි කිම් පාලිකාතුමිය කුටිය තුළට පිවිසියා.

පවසන්න රැජිණියනි.

තව සති 2කින් නව මාසයක් ආරම්භ වනවා..දන්නවානේ එන මස කුමක්ද විශේශත්වය කියා.

එසේයී රැජිණියනි.

කිරුළ හිමි කුමරා තනතුරේ පිහිටුවා දින 100ක් ගත වන තැන සුදුසු කුමරියක් තෝරාගැනීමට අයදුම් කිරීම් ආරම්භ වනවා.සතියක් පුරා තෝරාගත් කුමාරිකාවන් අවසන ස්වයංවරය සදහා සූදානම් කල යුතුයි.

උත්සවාකාරයෙන් මේ සියල්ල සූදානම් කල යුත්තේ මාගේ අනුග්‍රහයෙන්..මේ දෝජෝ රජුගේ සමයේ සිදුවන පලමුවැනි ස්වයංවර මංගල්‍යයයි.
එය අති විශිශ්ට අන්දමින් පැවැත්විය යුතුයි..

එසේයි රැජිණියනි..ඒ සදහා අවශ්‍ය සියලුම දෑ සූදානම් කරන්නම්..

හොදයි..ආ පාලිකා කිම් පාලිකාවක් අත මේ හසුන යවන්න අගරැජිණිය වෙත..

ඒසේයි රැජිණියනි..

කිම් පාලිකාව කුටියෙන් පිටතට පැමිණ මා අතට හසුනක් ලබා දුන්නා.

හේයොන්ග් මෙය අගරැජිණියට ලබා දෙන්න..

එසේයි පාලිකාතුමියනි..
.
.
.
.
.
.

Author's POV🌿

රජතුමා පෙනුමට වශී වූ සුන්දර ලලනාවගේ සැබෑ ස්වරූපය ඉස්මතු වන්නට වූයේ විවාහයෙන් ටික කලක් යාමෙන් අනතුරුවයි.
ජෝසන් බලකදවුරේ විරුද්ධවාදියෙකු වූ ග්වාශින් මහා අමාත්‍යවරයාගේ එකම දියණිය වූ චෝයි දෝසෝ රජතුමන්ට විවාහ කර දුන්නේ යටි අරමුණක් තබාගෙනයි..

විවාහයෙන් අනතුරුව මහා අමාත්‍ය ධූරය ලබාගැනීමෙන් පසු රජුගේ සිත් දිනාගන්නට ඔහු සමත් වූවද තම වංශයට කලකට ඉහතදී වූ අවමානයකට පලිගැනීමක් ලෙස තම දියණිය දෝසෝ බිසව යොදාගෙන තම අරමුණු සාක්ශාත් කරගන්නට ඔහු නොපැකිලිව කටයුතු කලේය.

වෙළඳ කටයුතු අමාත්‍ය හොන් ග්වාශින් මහා අමාත්‍යවරයාගේ හොදම මිත්‍රයෙකි.
කිසිවෙකුත් නොදන්නා රජුගේ පලමු අගබිසවගේ කතාන්දරයත් ආරම්භ වන්නේ මොවුන්ගේ පලිගැනීමේ එක් කොටසක් ලෙසිනි..

You've reached the end of published parts.

⏰ Last updated: Jul 21, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

𝚈𝚘𝚞 𝙰𝚛𝚎 𝙼𝚢 𝙳𝚊𝚒𝚜𝚢 🌼 Where stories live. Discover now