රෝස සුවඳ

122 45 21
                                    

මේ පොතේ සඳහන් වන සියලුම කරුණු හා සිදුවීම් මෙහි කතෘ වන මාගේ පූර්ණ පරිකල්පනය මත ගොඩනැගූ දෑ බැවින් කතෘ අවසරයකින් තොරව ශ්‍රව්‍ය, දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යන් කිසිවක් ඔස්සේ පලකිරීමට අවසර නැති බව මෙයින් දන්වා සිටිමි.

© MatheeJM

______________________________________

සුදු පැහැ ඇඳ ඇතිරිලි අස්සෙ ගුලි වෙමින් මම හිසට ඉහළින් පෙනෙන සිවිලිම දෙස බලා සිටියෙමි.. සිවිලිම දෙසින් පටන් ගත් මාගේ හිස් බැල්ම සුදු පැහැ බිත්තියේ ඇඳුණු ඒ ජීවි ඇස් දෙක මත්තේ නැවතුණි..

ඉතින්...

ඉතින් ඒ ඔහු ය...

මාගේ ආත්මයම අරක් ගත් කෝපි සුවඳේ අයිතිකරු ය... 

_______________

සිතට දැණුනු මූසල හැඟීම් හදේ කොණක වළ දැමූ මා උණු කෝපි කෝප්පයත් සමඟ සංවාදයේ යෙදුණෙමි..

" සකූ.. මේ දොර අරින්න.. "

ඔහු ඇවිත් ය..

මා බෝඩිමේ දොර ඇර ඔහුට කාමරය තුළට පැමිණෙන්නට ඉඩ නොතබාම ඒ පළල් පපුවේ හිස හොවා ගත්තෙමි..

" මොකද මේ.. ම්ම්.. ? "

ඔහුගේ කබායෙන් එන සුපුරුදු කෝපි සුවඳ අස්සෙන් දින කිහිපයක සිට දැනෙන රෝස සුවඳට මා ඉව ඇල්ලුවෙමි..  ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නට සිත් වුව ද ඔහුහේ පිළිතුරින් මාගෙ සිත රිදේවි යැයි මා බිය වීමි.. ඉතින් මම මාගේ සිත පරිස්සම් කර ගත්තෙමි..

පැය දෙකක් තිස්සේ මා ඔහුගේ පපුවේ හිස හොවාගෙන නැවතිල්ලේ කියෙව්වෙමි.. ඔහු අසා නොසිටින බව දැන දැනත් මා කියෙව්වෙමි.. ඔහු කොහේදෝ ලෝකයක අතරමංව ය..

" හා, හ්ම්..,  එහෙම ද? "

ඔහු හූමිටි තබයි..

" ආදි.. ඔයා දැන් යන්න.. වහින්නත් වගේ.. "

" අහ්.. එහෙනම් පරිස්සමින් ඉන්න සකූ.. හෙට හම්බවෙමු.. "

වැහි වළාවක් නැති පැහැදිලි අහස දෙස බලා මා කියූ බොරුව ඔහු හිස වනා පිළිගත් සෙයකි.. ඉතින් ඔහුට යන්නට අවැසිය.. මා ඔහුට යන්නට ඉඩ හැර රෑ මැදියමක් වනතුරුම කොට්ටය තෙමුවෙමි..
.

රෝස සුවඳ Tempat cerita menjadi hidup. Temukan sekarang