Chapter 1 💗

24 9 4
                                    

" කැපචිනො එකයි චීස් කේක් එකයි දෙන්න. "

" එච්චරයිද සර්? "

" ඔව් "

" යෙන් 340යි. "

" මෙන්න... "

" හරි, සර් ඉදගෙන ඉන්න අපි ඉක්මනට ගෙන්නම්. මෙන්න බිල් එක. "

" හරි, ස්තූතියි. "

කැශියර් එකෙන් දුන්න බිල් එකත් අරන් ජිමින් ගිහින් කැෆේ එකේ කෙලවරේම තිබ්බ ටේබල් එකේ ඉදගත්තේ වෝල් එක පැත්ත හැරිලා.

" වාහ්...මෙතන ගොඩාක් වෙනස් වෙලානේ? "

මුලු කැෆේ එකේම ඇස් යවන ගමන් ජිමින් තමන්ට මුමුණගත්තාත් ඒත් එක්කම ජිමින්ගේ ඇස් දෙක නැවතුනේ ජිමින්ගේ පිටිපස්සේ හිස් ටේබල් එක අස් කරනගමන් හිටිය ගැනු ළමයෙක් ලග.

අහේතුවකට වගේ ජිමින් කිසිම හෙල්වීමක් නැතුව ඒ ඇස් දෙක දිහා බලාගෙන හිටියේ සමහරවිට එයාගේ ජිවිතේ ලස්සනම පරිච්ඡේදයකට ආරම්භයක් දෙන්න වෙන්න පුලුවන්.

" අව්ව්... මෙතනින් තවත් ලේ ගලනවා. "

ඒ ගෑනු ළමයා තමන්ගේ ලේ ගලන අල්ල දිහා බලන ගමන් මුලු ටේබල් එකේම කුණු ටික තිබ්බ ට්‍රේ එක ටේබල් එකේ තියලා,
තමන්ගේ සාක්කුවට අත දාලා ලේන්සුව අරගෙන අතේ ගැටගහගත්තේ කාටත් පෙන්නේ නැති වෙන්න.
ලේන්සුව ගැටගහගෙන තමන්ගේ මූණට වැටිලා තියෙන කොණ්ඩ කෑලි ටික තමන්ගේම කන පිටිපස්සෙන් රදවගන්න ගමන් සුකී තමන්ගේ ඉස්සරහා ටේබල් එක දිහා බැලුවේ කවුරුහරි එයා දිහා බලන් ඉන්නවා වගේ හැගීමක් දැනුන නිසා උනාත් එකසැරේටම කස්ටර්මර් කෙනෙක් තමන් දිහා බලන් ඉන්නවා කියලා දැක්ක කෙල්ල දෙසරයක් නොහිතා ඉක්මනට ට්‍රේ එකත් අරන් එතනින් ගියේ ජිමින් සුකිගේ මේ හැම හැසිරීමක් දිහාම සුකීටත් හොරෙන් බලන් ඉද්දි.

" සුකිසන්, මේක ටේබල් නම්බර් 17 එකට ගෙනියන්න. "

" ඔහ්... හරි... "

රෙන් ඕඩර් එක සුකීට දීලා ස්ටාෆ් රූම් එකට ගියේ සුකී ට්‍රේ එකත් අරගෙන ටේබල් නම්බර් 17 ට යද්දි.

සුකි ටේබල් එකෙ ඉදන් හිටිය ජිමින්ට බෝ කරලා ට්‍රේ එකේ තිබ්බ කැපචිනෝ එකයි චීස් කේක් එකයි ටේබල් එකෙන් තිබ්බේ ජිමින් එයාගේ බෑග් එකෙ තිබ්බ ප්ලාස්ටර් තුනම අරන් සුකිගේ ට්‍රේ එක එහාපැත්තේන් තියද්දි.

Heart to Heart...|ᴘᴊᴍWhere stories live. Discover now