🐉06🐉

107 26 48
                                    

" ඔයාට අද ඕනතරම් චාන්ස් එක තිබ්බ අප්ප ට ඇත්ත ම කියන්න... ඒත් ඔයා එහෙම කලේ නෑ... මං ඔයාට මෙච්චර රිද්දලත් ඔයා අප්පට මුකුත්ම කිව්වෙ නෑ... ඇත්තටම මට සමාවෙන්න..."

මේ මනුස්සයට මක් වෙලාද...කීයටවත් මෙහෙම වෙන්න බෑ... මේක හීනයක් ද? මං එහෙම හිතල අත චුට්ටක් කොනිත්ත ගත්ත.

අහ්... ඒකියන්නේ මේක හීනයක් නෙවේ... ශුවර් එකට ම මාව බයිට් කරන්න මේ මනුස්සය ට ඕන වෙලා තියෙන්නෙ...

" ඇත්තටම මට හරි ලැජ්ජයි මං කලින් හැසිරුන විදිහ ගැන. මං ගොඩක් පසුතැවෙනව ඒ ගැන. මං ඔයා වගේ අහිංසක කෙල්ලෙක් ගැන ගොඩක් වැරදි ප්‍රතිබිම්බයක් ගොඩනගාගෙන හිටියෙ..."

මේ ගිණි මකර නම් ලෑස්තිවෙන්නෙ හොදකට නෙවේ... ගිණි පිඹල මාව මෙතනම දවා අලුකරන්න කලින් ෂේප් එකේ මාරු වෙන්න ඕන.

" හරි සර්... සර් කියල ඉවර නං මං යන්න ද? "

" එහෙම කොහොම යන්න ද උත්තමාවියනි...මා මේ ඔබතුමිය ගැන වර්ණනාවක් ඉදිරිපත් කලේ..
ඉදින් මට කමා කර මෙහි රැදී සිටීනු මැනවි... ඔබ වැනි ශ්‍රේෂ්ඨ කාන්තාවකගේ ගුණ කද පිලිබදව හද පත්ලෙන්ම නැගෙන්නාවූ කීර්ති රාවය දෙසවන් යොමා අසා සිටිනු මැන..."

එහෙම කියල කින්ඩියට හිනා වෙන ගිණි මකරව ගනන් ගන්නෙ නැතුව මං කැබින් එකෙන් එලියට යන්න හදනකොට,

" ඔහොම නැවතියන්.."

ඒ හඩට මං ගැස්සිලා එහෙම ම නැවතුනා.

" උඹ ඔය කාටද ගස්සන්නෙ ආ... මගේ තැන ඉදන් මටම පාට් දාන්න උඹ මං කවුරු කියලද හිතාගෙන ඉන්නේ... පොඩි බුරුලක් දුන්න ම කරේ නගින්න එන්නේ...කොහොමත් සුපුරුදු ටෝන් එක නැතුව තමුසෙට දෙයක් තේරුම් කරන්න අමාරුයි වගේ.. තමුසෙ හිතුවද තමුසෙ අප්පට ඇත්ත කිව්වෙ නෑ කියල මං උඹට අනුකම්පා කරල කරේ එල්ලගනියි කියල..."

මේකනම් මහ විකාරයක්... මූ නං මානසික රෝගියෙක්...මෙයා එක්ක කතා කරල වැඩක් නෑ. මං එහෙම හිතල එලියට යන්න හදනකොට,

" ඇයි අමාරුද සැබෑ තත්වෙ එලියට එද්දි අහගෙන ඉන්න...ඒකද දුවන්නේ..."

මම එහෙම ම අනිප්පැත්ත හැරිල අත් දෙක බැදගෙන හිටගත්තා.

" සර් please මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න. ඇත්තටම මං ගොඩක් ආසාවෙන් මේ රස්සාව කරන්න ආවෙ. මං මේ අත් දෙක එකතු කරල වැදල ඉල්ලන්නම් සර්, මට මගෙ පාඩුවෙ වැඩ ටික කරගන්න ඉඩ දෙන්න. මාව අප්පිරියයි නම් එදා කිව්ව විදිහට මං සර් ගෙ ඉස්සරහට එන්නෙ නැතුව ඉන්නම්. අත්‍යවශ්‍ය වැඩකට හරි ආවොත් සර්ගෙන් ඈත් වෙලා ඉන්නම්.  මොකද මං කැමති නෑ හැම වෙලේම නිකරුනේ බැනුම් අහන්න.."

🐉♡~ගිණි පිඹින මකරා~♡🐉Where stories live. Discover now