Chapter 23 ( Last chapter )

509 89 59
                                    

ජියැන් ආලින් සහ ශූ යන්ග් ...

තවමත් ඔවුන් දෙස බලා සිටින වන්ජි එසේ පවසද්දී කුමක් කියන්නදැයි නොවැටහුනු සීන් තවමත් දෑස් නොගෙන ඔවුන් දෙස බලා සිටියා..

තමා දෙස බලා සිටින සීන් සහ වන්ජි දෙදෙනාව නොදුටු ආලින් සහ ශූ යන්ග් තම දරුවාද සමග පැල්පත තුලට යද්දි වන්ජි දෙස බැලූ සීන් එක්වරම පූස් පැටවෙකු සේ ගුලි උනේ වන්ජිගේ තුරුලට. සීන්ගේ ස්පර්ශය සමග වන්ජි පුදුමයට පත් වුනා.

මා හට සමාව දෙන්න ලන්ශාන්.. මා ඔබට බොහෝ සෙයින් රිදවූවා.

තමා මෙතෙක් කල් වන්ජිව රිදවා සිදුකලේ විශාල වරදක් බව සීන්හට වැටහුනා. සීන්හට දැනුනේ වරදකාරී හැගීමක්..

අසුපිටින් බැසගත් වන්ජි සීන්වත් අසුපිටින් බස්සවාගෙන තම තුරුලට ගත්තේ සියලුම ගැටලු විසදී ඇති නිසා සතුටින්.

ඔබට ශෝකයක් නැතිද මාගේ වෙයි යින් ?

වන්ජි ඇසුවේ තවත් සීන්ව තම තුරුලට තද කරගනිමින්. තමා ආලය කරන පුදගලයා වෙනකෙකු සමග සිටීම දැඩි ශෝකයක්. සීන් ශෝකයෙන් ඇතැයි සිතූ වන්ජි ,සීන්ගේන් එසේ අසන විට වන්ජිගේ තුරුලේ සිටම සීන් හිස දෙපසට සොලවා නැහැයි පැවසුවා.

නැහැ ලන්ශාන් ... මා හට දැන් දැනෙන්නේ නිදහසක්. මාගේ හිස මත තිබූ විශාල බරක් නිදහස් වූවා වාගේ.

ම්ම්.. නමුත් ඒ ශූ යන්ග්. නුබ ආදරය කල පුද්ගලයා. ඔබට පොඩි හෝ දුකක් නැතිද ?

නැහැ ලන්ශාන්.. ගිය ආත්මයේදී මා නුබ හට ආලය කරන්නට පටන් ගත්තායින් පසුව මා හට කිසිවෙකුත් ගැන ආලයක් දැනී නැහැ.

එසේ පවසමින් වන්ජිගේ තුරුලින් මෑත් උනු සීන්.. අසල තිබූ කුඩා බංකුවක් මත වාඩි වී වන්ජිට අනෙක් බංකුව පෙන්වූයේ ඉදගන්න යැයි හගවමින්.

සීන් හට පැවසීමට බොහෝ දේ ඇති යැයි හැගුනු වන්ජි කුඩා බංකුවෙන් හිද ගන්නා විට සීන් කතා කිරීම ඇරබුවේ බිම බලාගනිමින්.

TWO DECISIONS... ( wangxian ff Completed ) ✔Where stories live. Discover now