0️⃣2️⃣ දිගහැරුම

514 68 7
                                    


ජිවිතේ සමහර තීරණ තියනවා ......
ඒවා අපි ගන්නේ දෛවයේ ලියවිලා තියන විදියට , එක් හදිසියේම ගන්න තිරණයක් වුනත් වෙන්න පුළුවන් .

සමහර විට මහින්සත් මේ එන්න ඇත්තේ එහෙම ගමනක්..

__________

#මහින්ස  🍁

උදෑසන ආහාරය කුටිය තුලදිම ලබා ගත් පසුව සෙහන්ස හෙට දින සිට ආරම්භ කිරිමට නියමිත ඔහුන්ගේ රාජකාරි කටයුතු සදහා ලැස්ති වෙද්දී .....
තම නිවසට ඇමතුක් ලබා ගැනිම සදහා සයුල් කුටියෙන් පිටත පැමිණියේ  ඇතුලත දුරකථන සංඥා දුර්වල හෙයින්..

ඇමතුම අවසන් කල ඔහු මදක් වටපිට බැලුවේ ,
පෙර දින කිසිවක් දැකිමට නොහැකි වුයෙන් රිසි සේ දැන් දැක ගැනිමේ අරමුණ ඇතුවයි.

වේලි ගිය දුඹුරු පැහැ වට පිටාව , ඇත්තටම මෙහි ඇති කාෂ්ඨක දුෂ්කරත්වට මනව පැහැදිලි කර දෙන්න සමත් විය.

බැලු බැල්මට මෙය විශාල කඳවුරක් නොවුනත් සමාන්‍ය ප්‍රමාණයේ කදවුරකි......

තිස් වසරක යුද්ධය අවසන් කර ඉකුත් වී ඇත්තේ තවමත් මාසය කාලයක් .....
මේ කුරිරු යුද්ධයේ අවසාන පිළිබඳ මාධ්‍ය වැඩසටහනක් සදහයි සයුල් සහ සෙ⁣හන්ස ඇවිත් ඉන්නේ , බොහෝ වාරයක් උත්සහ කිරිමෙන් අනතුර ලද අවස්ථාව මඟහැරිය නොහැකි නිසාවෙන් ඔහුන් අනුමැතිය ලද දිනට පසු දිනම පිටත් විය......

මෙය යුද්ධයකට වඩා මානුෂිය මෙහෙයුමක් කිවොත් නිවැරදි..
මංද ත්‍ර|ස්|ත|වා|දී න්  අහිංසක සිවිල් වැසියන් දහස් ගණනක් ප්‍රාන ඇපයට තබා ගෙනයි ඔවුන් සටන් කලේ.....

ඉතින් අපේ හමුදාවට සිද්ධ වුනේ ඒ ජනතාව ප්‍රාණ ඇපයෙන් මුදාගෙන පසුව සටන් වදින්න....

ඒ අතින් ගත් කල ලොව එකම මානුෂිය හමුදාව අපේ රටේ ඉන්න බව නිර්භයව ප්‍රකාශ කරන්න පුළුවන් .

සයුල් අවට යම් යම් රාජකාරි කටයුතු වෙනුවෙන් ඔබ මොබ ඇවිදෙන සෙබළු දෙස බලන් හිටියේ ගෞරව මුසු ආඩම්බරයකින්...
එතන වැඩි වේලාක් නොරැදී ආපස්සට යන්න හැරුණේ පෙර දින රාත්‍රියේ සිදු වූ සිදුවීම තාමක් මතකයේ තිබු හෙයින්...

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now