තව පැය හතරක් පහක කලයක් ඇතුලත තම ගමනාන්තයට ලං විය හැකි වුවත් සිතුවට වඩා අතර මග කාලය වැය වුයෙන් කොළඹට ආසන්න වෙද්දී අඩුම පාන්දර තුනවත් පසුවන බව ඔහු අනුමාන කලේය..
කේශ්වරට බැලුණේ තමාට එහා පස සුවසේ නිදා සිටින මහින්ස දෙසයි..
තමා ටිකක් සැර වුනාදෝ කියලයි ඒ හිතට දැනුනේ .____________________
" ආ... මේජර් මාත්තියා ! කාලේකින් අප්පා දකිනවා "
" කොහෙමද වේලු ..."
" හොදින් තමා ඉන්නවා මාත්තියා , අදිසියේ මාත්තයා මේ කොහේ යනවා ? "
" අපේ ඩියුටි ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ වේලු,
ඒක නෙවේ ....මොනාද තියෙන්නේ මේ වෙලාවේ කන්න "" ආප්ප විතරයි තමා ඉතුරු මාත්තයා "
" මට ටී දෙකයි ආප්ප ටිකකුයි දෙන්න වේලු, රස්නේන් තියනවානම් හොදයි "
" ශරි මාත්තයා..... කාලා යනවාද මාත්තියා "
" ඔව් කාලා යන්නේ , වාහනේ තව මහත්තයෙක් ඉන්නවා .....
ඒක නිසා වාහනෙට ගෙනියන්න දෙන්න "
______________කේශ්වර දන්න අදුන සයිවර් කඩේක නතරවුනේ දැඩි කුසගින්න නිසාත්, තම වාහනේ සිටින ඔහුත් තවමත් හිස් බඩින් කියා දන්න නිසාවෙන්
" ම..හි ! ම හි න් ස !! "
" ම්හ් ..? "
" කෝ නැගිටින්න , මොනවාහරි කාලා නිදාගන්න "
තද නින්ද සිටි ඔහු කේශ්වරගේ හඩින් අවදි විය..
අධික කුසගින්නක් තිබුනා වුවත් මහින්ස මේ මොහොතේ සිටියේ කැම ගන්න පුළුවන් මානසිකවත්යක නොවේ." මට බඩගිනි නැ .."
කේශ්වරට හිතාගන්න බෑ ඒ හඩේ තියන අරුත...
" දැන් ගොඩක් රෑ වෙලා දරුවෝ ..... කලා මේ තේ එක බොන්න , ඔයා දැන් පැය ගානක් හිස් බඩනේ ඉන්නේ "
" මට බඩගිනි නැ සර්, අපි ඉක්මනින් ගෙදර යමුද ? "
ඒ වචන වලින් රිදුනේ කේශ්වරගේ හිත...
මහින්ස තාමත් තරහයින් ඉන්නේ කියලා කේශ්වර දන්නවා ,
උදෑසන බඩට වැටුන කෙටි ආහාරයකට පසු මේ වනතුරුත් කේශ්වරගේ කුසට ආහාරයක් වැටි නැත...