0️⃣3️⃣ දිගහැරුම

474 65 10
                                    

තෝරාබේරා ගන්න නොහැකි හැගීමට සයුල් අතරමං වෙලා..
හරියට සෙහන්ස කිවා වගේ ඔහු අතරමං වෙලා...

' දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝරාගන්න වුනොත්,
කවුද සයුල් ඉස්සරහින්ම ඉන්නේ ? '

සයුගේ හිත අහන ඒ ප්‍රශ්නයට ඔහු ළඟ පිළිතුරක් නැති හැඩයි..

………………………………

#කේශ්වර 🍁


නින්දත් නොනින්දත් අතර සිටි ආදිත්‍ය ඇහැරුනේ දොරට තට්ටු කරන හඬ නිසා.....

කොහොමටත් නින්ද කියන දේ ඒ ඇස් වලට දැන් නුහුරු දෙයක් .

සුව නින්දක් ලබපු දවසක්වත් ආදිත්‍ය⁣යලාට මතක නැ...
තද නින්දක හිටියත් සමහර විට තිගැස්සිලා ඇහැරෙන්නේ,  තාමත් කන් ඇතුලේ තැන්පත්⁣වෙලා තියන අමිහිරි වෙඩි හඬ නින්දෙන් ඇහෙන නිසා වෙන්නැති..

එහෙම ඇහෙරෙන සමහර දවස් වලට නැවත නින්ද ලගා වෙන්නේ නැති තරම්...

කාකී ඇදුමට යට වෙලා ඉන්න ඔහුනුත් මිනිස්සුු ......
ඇට මස් ලේ නහර වලින් අඩුවක් නැතිව හැදුන ඔහුන්ටත් තියනවා අපිට වගේම දුර්වලකම්,

ඒක තමයි මිනිස් ස්භාවය,
බිහිසුණු අත්දැකීම් ඉස්සර කොච්චර  නිර්භයව හිටියත්, කොච්චර අත්දැකීම් වින්දත් ,
සමහර වේලාවට එ් මතක ලෝකේටම හංගගෙන ඔහුන්  තනියම වේදනා විදිනවා ඇති.

සෙබළ ජිවිතය දකින , හිතන තරම් පහසු නැ...
ආදිත්‍යට වුනත් එහෙමයි..

" සර්... සොරි සර් කරදර කලානම් "

ඇවිත් හිටියේ සෙහන්ස වෙද්දී ....
ආදිත්‍යට දැනුනේ අමුත්තක්, කුටියේ ඔරලොසුවේ වේලව පන්දර එක පසුවී විනාඩි කිපයක් ලෙස සදහන් වෙද්දී , නැවත ආදිත්‍ය බැලුවේ සෙහන්ස දෙසයි.


" ඇයි සෙහන්ස ? "





" අනේ සර් සයුල්ට ටිකක් සනීප නෑ "


ඒ වදන් ඇහෙත්ම ආදිත්‍ය දැනුනේ තිගැස්මක්.




" ඇයි එයාට මොකද සෙහන්ස ? "




" එයාට වීස් එක වැඩි වෙලා වගේ ආදිත්‍ය සර් "




" යමු "

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now