A Devilish Wife | යක්ෂ වයිෆි 01

2.4K 156 9
                                    

යක්ෂ වයිෆි 01

💜️

"මටනම් බෑ මේකිව බඳින්න"

පහළට ආපු හෂ්ධ කීවෙ සෝපා එකට වෙලා ගවුමෙ කොණක් අඹරව අඹරව හිටපු නෙහදි දිහා ඔරවන් බලල.

"මටත් බෑ මේ යකාව බඳින්න"

මෙච්චර වෙලා වචනයක් කියාගන්න බැරුව ගවුමෙ කොණක් අඹරව අඹරව හිටපු කෙල්ල හෂ්ගෙ වචනත් එක්ක ආපු ගැම්මෙන්ම කියල දැම්මා.

"සුදු පුතා!!"

"සුදු දෝණි"

හෂ්ගෙ අම්මයි තාත්තයි කෑ ගැහුවෙත් නෙහදිගෙ මමියි ඩැඩියි කෑ ගැහුවෙත් එකටමයි. ඒ මුණු වල කේන්තිය දිහා දෙන්නට බලන්න බෑ වගේ.

මෙච්චර වෙලා කෙල්ලගෙ අම්මයි තාත්තයි එක්ක හෂ්ගෙ අම්මයි තාත්තයි එකතු වෙලා කතා කරේ දෙන්නගෙ මැරේජ් එක ගැන. කෙල්ලත් පොඩ්ඩක්වත් කැමති නෑ මැරි කරන්න..කොල්ලත් කැමති නෑ.. මොකද දෙන්නම ගෙව්වෙ පට්ට සිම්පල් කුරුළු පිහාට්ටක් වගේ ලයිෆ් එකක්.

"සුමනෙ අපි නෙක්ස්ට් මන්ත් වල තියනවයි කියපු නැකතටම වෙඩින් එක ගමු නේද?"

"ඔව් අමරෙ.. එදාට වැඩේ කරමු"

හෂ්ධගෙයි නෙහදිගෙයි තාත්තලා දෙන්නා වෙඩින් එකට දිනත් දානවා.

"තාත්තා ප්ලීස්"

හෂ්ධ කීවේ කරදරකාරී බැල්මකින් නෙහදි දිහා බලලා.

"ඩැඩී නෝ...ප්ලීස් ඩෝන්ට් ඩූ දිස්"

හෂ්ධට රවපු නෙහදිත් තාත්තට කීවෙ ඒක කරන්න එපා කියලා.

"කටවහනවල දෙන්නම...ලෑස්ති වෙනවා වෙඩින් එකට"

නෙහදිගේ තාත්තා සැර වුණා.

"උඹල දෙන්න බඳින්න වෙන උන් නෑ...මොකද උඹල දෙන්න එක්ක ඉන්න වෙන මොන යකෙකුටවත් බෑ. "

හෂ්ධගේ තාත්තා කීවේ දෙන්න දිහාම බලලා රවන ගමන්.

"ප්ලීස් තාත්තා මීටවඩා හොඳයි අර සීයතාත්තගෙ ගන් එක අරන් එකපාර මට වෙඩි තියල දාන්න"

හෂ්ධ කීවේ ගෙදර බිත්තියක එල්ලලා තියන ගන් එක පෙන්නලා අතිශය ශෝක මූඩ් එකක් දාන්.

A Devilish Wife | යක්ෂ වයිෆි✔️Where stories live. Discover now