🌷.Epilogue

722 163 128
                                    

හේසු ආපහු වතාවක් බෑග් එකේ තිබුන පුංචි බොක්ස් එක ඇරලා වෙව්ලන ඇගිලි තුඩු වලින් රත්තරන් පාට යතුර අල්ලලා බැලුවා... අවසාන වතාවටත් සොහොන් කොත මත හිනාවෙලා ඉන්න ඒ රූපේ දිහා බලලා වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටා....

"අන්තිමේදි ඔයා බලාගෙන හිටපු විදියටම මං එහෙට යනවා... ඔයාට සතුටුයි නේද? මං ...මං ආපහු කවදාවත් ඔයාව බලන්න එන එකක් නෑ...මං දැන් වයසයි...ඔයාට තේරෙනවනේ... ඒත්  මං නැති වුනාට  ඔයාගේ යූන් ඔයාව බලාගනී... එයා එයාගේ පපාව ආදරෙන් බලාගනී...!!! "

තමන්ගේ එහා පැත්තේන් හිටගෙන ඉන්න උස කඩවසම් තරුණයා දිහා කදුලු පිරුණු ඇස් උස්සලා බලලා හේසු සොහොන් කොතේ ඡායාරූපයට කිව්වා....

යූන්ජූන්!!
යූන්ජූන් කියන්නේ ජූන්ගෙම ක්ලෝන් එකක්..   ඒ හිනාව කථාව හැඩරුව හැමදේම ජූන් වගේමයි.. හේසුට ඕන වුන විදියටම.... යුන්ජූන් රූපෙන් එයාගේ බයෝලොජිකල් පපා වගේමයි...
ඒත් ගති ගුණ වලින්....!!!
ගති ගුණ වලින් එයා එයාගේ පපා වගේ.....!!

"ආයුබෝවන් ඔප්පා!!"

හේසු අවසාන වතාවට සොහොන් කොත දිහා බලලා කදුලු අතරින්  මිමුනුවා.....
_________________________________
පැය පහලවක ගුවන් ගමනකින්  පස්සේ හේසු  ඉන්චෙන් වලට ගොඩ බැස්සා.... හන්ගුක් වලට ශරත් සෘතුව උදාවෙලා තිබුනා....වෙලාව පාන්දර පහ පහුවෙලා විනාඩි කීපයක් වුනත් හේසුට නැවතිලා  විවේක ගන්න ඕන වුනේ නෑ... දවස් කීපයකට ඇති වෙන්න බඩු ටිකක් විතරක් අරගත්ත හේසු එහෙමම ටැක්සි එකක් කථා කරගත්තා....

මේ ගෙවිලා යමින් තිබුනේ 2047 අවුරුද්ද.... හේසු හන්ගුක් වලින් පිටවෙලා ගිහින් අවුරුදු විසි පහක් ගෙවිලා ගිහින්.... එදාට වඩා හැමදේම වෙනස් වෙලා... නර්සරි එක තිබුන තැන නවීන පන්නයේ ෂොපින්ග් මෝල් එකක් ඉදිවෙලා.... පාරවල් ගොඩනැගිලි හැමදේම අලුත් වෙලා... ඒත් හේසු විතරක් පරන මතක වල එල්ලිලා....

මීට සතියකට කලින් සිද්ධ වුන යුන්ජූන්ගේ විවාහයෙන් පස්සේ හේසු තීරනය කලා ආපහු හන්ගුක් වලට එන්න... ජීවිතේ අන්තිම කාලේ පරන මතක එක්ක ජීවත් වෙන්න... ඉතින් දැන් හේසු යන ගමන්.....

කාලේකට කලින් හිස් වෙලා තිබුන ඉඩම් වල නවීන පන්නයේ ගොඩනැගිලි ඉදිවෙලා තිබුන එක ඇරෙන්න පුංචි ගම්මානේ තාමත් ඒ විදියමයි... ඒ පාලු නිස්කලංක බව තාමත් එහෙමමයි....

💙 Endless 𝘓𝘰𝘷𝘦💙 (( K͟i͟m͟ N͟a͟m͟j͟o͟o͟n͟))  |ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ|Where stories live. Discover now