Chapter 1

1K 64 0
                                    

"ටේ නූනට වද නොදී ඉන්න ඕන හරිද?? මීසු පුතේ අපි ගිහින් එන්නම්.. ටේ වද දුන්නොත් කෝල් කරන්න.."

ටේගෙ ඔම්මයි අප්පයි ටේගෙ ඔලුව අතගාලා මීසුගෙ පැත්ත හැරිලා කිව්වා.. මීසු හිනා වෙලා ඔලුව වනලා පොඩි එකෙක් වගේ මූණ බෙරි කරගෙන ඉන්න ටේ දිහා බැලුවා.. ඔම්මයි අප්පායි ගියාට පස්සෙ ටේ මීසු දිහා බැලුවෙ අඩන්න ඔන්න මෙන්න වගේ..

"ඔමෝ මගේ ටේ ටේ එන්න මං ඔයාට රූම් එක පෙන්නන්න.."

මීසු ටෙව බදාගෙන කියද්දි ටේත් මීසුට තවත් ටිකක් තුරුල් උනා.. ටේ මීසුගෙ පිටිපස්සෙන් අපාර්ට්මන්ට් එක ඇතුලට ඇවිදගෙන ආවා.. මීසු එයාගෙ රූම් එක ඇරුනම තිබ්බ අනිත් රූම් එක ටේට පෙන්නුවෙ ටේගෙ ලැගේජ් එකත් ටේගෙ අතට දීලා.. මීසු දිහා බලලා කියුට් විදියට හිනා උන ටේ රූම් එකට ගිහින් දොර වහගත්තා..

ටේහ්‍යුන්ග් වයස අවුරුදු 19ක කොල්ලෙක්.. අම්මගෙයි අයියලා දෙන්නගෙයි හුරතලා උන ටේ ස්කූල් එකේ නම් ප්ලේ බෝයි කෙනෙක් විදියට ප්‍රසිද්ධයි.. මිස්ට ඇන්ඩ් මිසිස් කිම් ජෝඩුවම පිටත් උනේ මාස තුනක බිස්නස් ට්‍රිප් එකකට ඇමරිකා යන්න.. ටේගෙ ලොකු අයියා කිම් සොක්ජින් පදිංචි වෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවල.. එයා තමයි එහේ බිස්නස් බලාගන්නෙ.. එතකොට ටේගෙ පොඩි අයියා කිම් නම්ජූන් ඉන්නෙ ඇමරිකාවෙ..

මින් මීසු වයස අවුරුදු 20යි.. මීසුගෙ ඔම්මා අප්පා දෙන්නම ඉන්නෙ ඇමරිකාවෙ.. මීසු පොඩි කාලෙ ඉදන්ම ඇමරිකාවෙ හැදුනත් මීසුගෙ අයියට හදිසියේම ප්‍රංශයේ බිස්නස් වැඩ වගයක් යෙදුන නිසා මීසුට සිද්ධ උනා කොරියාවෙ බිස්නස් බලාගන්න කොරියාවට එන්න..

මීසුගෙ ෆැමිලි එකයි ටේගෙ ෆැමිලි එකයි ඉස්සර ඉදන්ම යාලුවො.. නම්ජූන් මීසුගෙ කොලේජ් එකේම ඉගනගත්ත නිසා නම්ජූන් මීසු දෙන්නා හොද යාලුවො.. ඒත් ටේ දිගටම ඉදියෙ කොරියාවෙ නිසා ටේව නම් මීසු වැඩිය දන්නෙ නෑ..

ටේගෙ ඔම්මයි ඔප්පයි බිස්නස් ට්‍රිප් එක ගිහින් එනකන් ටේව තනියම ගෙදර තියන්න බැරි නිසයි මීසු එක්ක නැවැත්තුවෙ.. ටේහ්‍යුන්ගෙ කොලේජ් එකේ වැඩ පාඩු කරගෙන බිස්නස් ට්‍රිප් එකකට එක්කන් යන්න ටේගෙ ඔම්මා චුට්ටක්වත් කැමති උනේ නෑ.. ඒ නිසා ටේව මීසුගෙ අපාර්ට්මන්ට් එකේ නවත්තන්න ටේගෙ ඔම්මයි අප්පයි තීරණය කරා..

Bad Night / onhold /18+Where stories live. Discover now