10

2.9K 437 112
                                    








ජන්කුක්ව හම්බ වෙලා ගෙදර ආපු ටේ living room එකේ සොෆා එකට වෙලා හෙන මනෝපාර ගහන් හිටියේ අද ජන්කූක් ඇදන් ආපු ඇදුම, එයා ලගට ඇවිදන් ආපු විදිය, පුටුවෙන් වාඩී වුන විදිහ, සැරෙන් කතා කරපු විදිය, ජන්කුක්ගේ ගැබුරු කටහඩ, කේන්තියෙන් ඉන්නකොට නහර ඉලිප්පුනු අත, කේන්ති පිරුණු ජන්කුක්ගේ මුණ! ටේ හිටියේ ජන්කූක් ගැන හෙන හීනෙක. අද ජන්කූක් එක්ක කතා කරන්න ලැබුන එකට ටේට සතුටක් තිබුනත් ජන්කූක් තමුසෙ කියලා කිව්ව නිසා පුංචි දුකකුත් ටේගේ හිතේ කොනක තිබුනා..

ජන්කුක්‌ ගැන හිත හිත ඉදපු ටේගේ මනෝපාර එක පාරට මග හිට්ටේ එළියෙන් ඇහුන හොන් සද්දෙ නිසා..

"ඔහ් පුතා ඔයා ආවද"

"ඔව් අප්පා දැන් ටිකක් වෙලා. අප්පා මොකද මේ වෙලාවෙ ගෙදර ආවේ?"ඇතුලට එන mr. Kim ව දැක්කම ටේ ඇහුවේ මේ වෙලවට mr.km සාමාන්‍ය ගෙදර එන්නේ නැති නිසා..

"මගේ files වගයක් දාලා ගිහින් දරුවෝ එක ගන්න ආවේ" ටේ ලගින් ඉදගන්න ගමන් mr. Kim කිව්වේ ටේ හිනා වෙනකොට..

"ඉතින් මට‍ කියන්න එපෑ මන් අරන් එනවා නෙහ්"

"පුතා ඉතින් ජන්කූක් පුතාව හම්බ වෙන්න ගියා නිසා කරදර කරන්න බැනේ. ඉතින් කතා කරාද එයා එක්ක කොල්ලා කොහොමද? පුතා කැමති ද?"Mr. Kim ගේ ප්‍රශ්නෙත් එක්ක ටේ ලොප් වෙලා ගියා..

'අනේ ඕකාගේ හොද තැන කියන්නේ නැ මන්. බුරුවා එනවා අවා මෙතන කටේ සද්දෙන් මාව බය කරන්න හුහ් හිතේ ඇති අහවල් එක ගැලවිලා විසිවෙලා යන්න දෙන්නේ ඕකාට මන් දන්නෙ නැ මන් ගැන'හරිම ගොන් විදිහට හිනා වෙන ගමන් mr. Kim දිහා බලගෙන ටේ හිතනකොට mr. Kim ටේ දිහා බලන් හිටියේ ඒ ඇයි කියලා ඔහුට නොතේරුනා නිසා..

"පුතා.. දරුවෝ!"

"ඕ ක්‌-කියන්න අප්පා"mr. Kim ගේ හඩින් මේ ලෝකෙට අවා ටේ අයෙත් ගොන් හිනාවක් mr. Kim ට සංග්‍රහ කරා..

"මොන ලෝකෙද ඉන්නෙ. හරි කියන්නකො ජන්කුක් පුතා මොකද කිව්වේ? බැන්නා ද? මොනා හරි කිව්වා ද?"

"අනේ එයා හරිම හොදයී අප්පා. මට‍ කිව්වා අකමැති නම් මේක කරන්න ඕනේ නැ. ආන්ටි jeon කියපු නිසායී කැමති උනේ මගේ මේකට එච්චර කැමැත්තක් නැ ඔයා අකමැති නම් මේක කරන්න ඕනේ නැ කියලා. එයා හුගක් හොද කෙනෙක්"ජන්කූක් ගැන තමන්ගේ තුන් හිතකවත් නැති බෙගල් ඇදල දාපු ටේ ආයෙම ගොන් විදියට හිනා වුණා..

𝐏𝐎𝐖𝐄𝐑 𝐁𝐎𝐓𝐓𝐎𝐌 | 𝘷𝘬 | ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ Where stories live. Discover now