0️⃣7️⃣ වන දිගහැරුම 🥀

395 55 9
                                    

තම  මිතුරා පැවසී පරිදි තම හිතේ දලු ලා නැගෙන හැගීම් මරා දමන්න නොහැක...
ඔහුගේ යාථාර්ථය කුමක් වුවත් සිත එය පිළිගන්න මැලි වෙනවානම් කුමක් කරන්නද ?
තම සිතට ඉඩ දෙනවා විනා ගත යුතු තීරණයක් මහින්සට හිතාගන්න බැ..
______________

#කේශ්වර


විඩාබර ගතින්ම නැවත අගනුවර වෙත ධාවනය කරන යුධ හමුදා කැබ් රථය පදවන්නේ කේශ්වර විසින්..

පැයක පමණ දුරක් ගෙවා දැමුවත් තවමත් රථය පුරා පවතින්නේ දැඩි නිහැඩියාවකී, තවදුරටත් මේ නිහඩ බව හමුවේ ඉදිරියට රිය පැදවිම අසිරුයයි හැගුනු කේශ්වර ඒ නිහඬ බවට තිත තබා තම හඬ අවදි කලේය.


" මහින්ස ඇයි ගෙදරින් කතා කරනවට අකමැති ? "




"ආහ්..?? "

එකවරම අවදි වු ඔහුගේ හඬ සමඟ මහින්ස ටිකක් කලබල වුවත් ඔහුට එය පාලනය කරගන්න හැකි විය.


" එ..එහෙම එකක් නැ සර්, මං කැමැත්තෙන් හිටියේ යන්න ...
ඒත් හදිසියේම යන්න වුන නිසා ටිකක් කලබල වුනේ  "




" මහින්ස බොරු කියනවා ! "




" ඇයි මං බොරු කියන්නේ....... අනික කේශ්වර සර් මගේ පෞද්ගලික ජිවිතේ ගැනනේ මේ අහන්නේ , අනිත් අය ඒවා හංගගෙන ඉන්නවානම් ඇයි ම⁣ට හංගගෙන ඉන්න බැරි ? "



" කවුද දැන් ඔය කියන අනිත් අය ම්ම්... ?  මෙතන ඉන්නේ මායි මහින්සයි විතරයිනේ ,
එහෙම බලද්දී ඒ කියන්නේ ඔයා ඔය කියන කෙනා මම වෙන්න ඕනි "





" මට වැඩක් නැ...! "

විටින් විට වෙනස් වන ⁣මහින්සගේ මුහුණේ ඉරියව්ව වලට කේශ්වරට හිනා...
ඒකයි ඔහු යන්නට ආ සිනාව අහක බලාගෙන ආයාසයෙන් රදවා ගත්තේ....



" ඉතින් මහින්ස මෙච්චර දවසකට මං ගැන අහලා තියනවා ද ? "



මහින්ස ඔළුව හෙල්ලුවේ නැ කියන්න .......
එය සත්‍යයක් ..... තමා මේ වන තුරු ඔහු ගැන විමසා නැත.
ඉදින් ඔහුට වැරදි යැයි චෝදනා කිරිම කෙතරම් අසාධාරණයක් ද ?




" ඇහුවනම් කියනවද ? "




" මගේ ජිවිතේ හංගගෙන රකින්න දෙයක් නැ දරුවෝ , අනික දැන් ඔයා මං ගැන දන්නවානේ "



අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now