DESTINY ᥫ᭡ᶜʰᵃᵖᵗᵉʳ 6

152 35 3
                                    

"ආහ්හ් අද හ්‍යුන් ගොඩක් Handsome ආ...."

"පාඩුවෙ මේ කොලර් එක හදපන්කො මින්යුක්..."

"ම්ම්.. අද යුරී නූනා කලන්තෙ දාලා වැටෙයිද දන්නෑ..."

"උබ ඔච්චරටම ආසද එයාට..."

"නූනා නම් හොදයි වගෙ.. ඒත් එයා ටිකක් නපුරුයිත් වගෙ නේ..."

"අහ්.. එහෙනම් අප්පට කියපන් මේක නවත්තන්න කියලා.."

"ඈහ්හ්හ්හ්......."

මින්යුක් අද ජිමින් ලෑස්ති වෙන්න ගත්ත වෙලාවෙ ඉදන් ජිමින්ගෙ ලග ඉදන් ජිමින්ට ලෑස්ති වෙන්න උදව් කරන ගමන් ජිමින්ගෙ කන පිරෙන්න කන අස්සෙ කියවන එක තමා කරේ.. ජිමින් එයාගෙ මල්ලිට කැමති නැත්තෙ නෑ.. ගොඩක් කැමති.. මල්ලි ත් ජිමින් වගේම එන්න එන්න හැන්ඩි වෙලා ලස්සන වෙනවා ජිමින් දකිනවා.. ඒත් සෝගුක් ඔම්මා කොච්චර මේ දෙන්නව වෙන් කරලා තියන්න හැදුවත් ජිමින් මින්යුක් ගෙන් ඈත් උනත්..  මින්යුක් ව නම් ජිමින්ගෙන් ඈත් කරන්න දැන් අමාරුයි....

"ජිමින්........"

"අප්පා........."

"පුතා ලෑස්තිනෙ....."

"ම්ම්.. ඔව් අප්පා..."

"අද ඔයාගෙ ඔම්මා හිටියනම් ඔයාව දැකලා අදයි ගොඩක් සතුටු වෙන්නෙ..."

"ම්ම්...."

"දැන් අප්පටත් වඩා උස ගිහින්නෙ... කොල්ලා.."

"නෑ අප්පා..  හ්‍යුන් උස අප්පටයි මටයි වඩා විතරයි හැබැයි...."

"ආ..."

"නෑ මං කිව්වෙ අප්පා.. හ්‍යුන් හ්‍යුන්ගෙ යාලුවොන්ට වඩා නම් කොටයි.... ඒකයි..."

"මින්යුක් උබට මම....."

"අහ්....."

"හූ........"

මින්යුක් ජිමින්ට විහිලු කරන්න එක එක කිව්වම ජිමින් ගියෙ දුවන් ගිය මින්යුක් ව අල්ලගන්න.. ඒත් මින්යුක් ගිහින් එකපාරටම හැප්පුනෙ සෝගුක් ඔම්මගෙ...

"ආ.. මොකද මේ.. පොඩි ලමයි වගෙ අදත් සෙල්ලම් කරන්න පටන් ගත්තද...."

"සෝ.. එයාලට එහෙම ඉන්න දෙන්න..."

"ඔව්.. ඔව්.. මින්යුක් හ්‍යුන් ඉතින් අදින් පස්ස් ඉන්නෙ අපි එක්ක නෙවෙනෙ.. ඒනිසා අද ඇති වෙනකන් සෙල්ලම් කරන්නකො..."

DESTINY ᥫ᭡ PJM|ˢⁱⁿʰᵃˡᵃWhere stories live. Discover now