06

154 31 7
                                    

උඩට ගිය ජිමින් කාමරේට ගිහින් දොර ලොක් කරලා දොරටම හෙත්තු වෙලා බිම වාඩි උනේ හිටගෙන ඉන්න පන නෑ වගේ කියලා හිතුන නිසා. කොල්ලට දුකයි, බයයි, තරහයි මේ හැමදේම එක්ක කොල්ලා ගොඩාක් අසරණයි. අත් දෙකෙන්ම කොන්ඩේ අදින ගමන් කොල්ලා ඇඩුවා.

"ම-මට ත්-තේරෙන්නේ නෑ, මේ මුකුත්, යුන්ගි හ්-හියුන් මට ආදරේ කරනවා. ඒකත් පොඩි කාලේ ඉදන්. එ-එතකොට එක න්-නිසා ද නුනා මට කැමති නැත්තේ.... හියුන් නිසා ද නුනා කිව්වේ මට එයා කැමති තේඕ හියුන් වගේ කෙනෙක්ට කියලා. මගේ ආදරේ මට අයිති නැද්ද එතකොට, මේ-මේ ඔක්කොම ඔයා හින්දා හියුන්, ඔව් ඔයා නිසා මගේ නුනා මට ආදරේ කරන්නේ සහොදරයෙක්ට වගේ, ම-මට ඔන්නෑ එයාට සහොදරයෙක් වෙන්න. ඔයා නැති උනානන් අද නුනා මට ආදරේ කරයි. ඇයි හියුන් ඔයා මට ආදරේ කරේ. ඇයි!!
ම්-මට ඕන ඔයාට වෛර කරන්න. ඒත් මට බෑ හියුන්. මට බෑ ඔයාට වෛර කරන්න, ඔයා මගේ හියුන්නේ හියුන්. මන් මොකද කරන්නේ. ඇයි ඇයි මට ඒවා ඇහුනේ"

දොරට හෙත්තු වෙලා කකුල් දෙක අස්සේ ඔළුව හංගගෙන අඩන ගමන් කියවන්න ගත්තේ කොල්ලගේ හිතේ තියෙන දුක. කොල්ලට තරහයි යුංගී එක්ක, එයාට ඕන කොල්ලට වෛර කරන්න, තරහා නිමෙනකන් ම ගහන්න. ඒත් කොල්ලාට එක කරන්න බෑ, කොහොමද ජිමින් එයාට ගහන්නේ ඒ ඉන්නේ එයාගේ හියුන්. ඒත් එක්කම කොල්ලට මතක් උනේ ඔෆිස් එකේ දී එයාට ඇහුන දේවල්.

Flashback

යුන්ගී යේජිත් එක්ක මිටීන් රූම් එකෙන් ගිහින් විනාඩි 5 කට පස්සේ ජිමින් වාඩි වෙලා හිටපු තැනින් නැගිට්ටේ එයාගේ කැබින් එකට යන්න.

"ඔයාලා දැන්ම යනව ද හියුන්"

"අහ්..... තව ටිකක් වෙලා ඉදලා යනවා ජිමින්"

නම්ජූන් එහෙම කිව්වම ලාවට හිනා උනු ජිමින් එයාගේ කෝට් එකත් අරන් මිටින් රුම් එකෙන් ගියේ 'හියුන් මං අද කලින් ගෙදර යනවා' කියලා කට්ටියට අතකුත් වනලා.

මිටීන් රූම් එකෙන් ඇවිත් කෙලින්ම කොල්ලා ගියේ එයාගේ කැබින් එකට ගිහින් ගෙදර යන්න. එත් යන අතරමග කොල්ලා නැවතුනේ එයාට ඇහුනු කටහඩ නිසා.

" අයියෝ ඔප්පා... මන් දන්නවා ඔයා ඔය කියන්න යන්නේ මොකක්කියලා. ජිමින් මට ආදරෙයි කියලනේ... ඔව් මන් දන්නවා එයා වගේම මමත් එයාට ආදරෙයී."

Unforgettable Love (Yoonmin) || On HoldWhere stories live. Discover now