Chapter 07

149 38 7
                                    

.
.
.
.
.
.

    නසරි එක ලගට යද්දි පැටවු දෙන්නා බෙන්ච් එක උඩ ඉදන් ඉන්නවා මං ඈත තියාම දැක්කා. හරියට තරහකාරයො දෙන්නෙක් වගේ. චූටික්කි මගෙ පොඩි එකාට වඩා වැඩිමල් පාටයි. හේතුව මොකක් උනත් ඒ දරුවත් ඉන්නෙ පුතාගෙ වයසෙ අයත් එක්ක. හේතුව එකපාරට අහන්න බැරි තාමත් යිබෝව මගෙ පැත්තට සම්පූර්ණයෙන්ම නම්මගෙන නැති හින්දයි. දැන් මෙහෙම අහිංසකයා වගේ නිදන් හිටියට මේ ඉන්නෙ මහ යස්ස ඇම්බැට්ටයෙක් කියලා ඕනෙ මෝඩයෙකුට තේරෙනවා. ඒතරම් මේ කොල්ල දැහැමියි... කියන මගෙ කට හොදයි බිම උලාගන්නවා...

ගේට් එක ගාව වාහනේ නවත්තලා හෝන් එක ගහපු ගමන් පුතා දුවගෙන එද්දි මගෙ ඇග සීතල උනා. ඔය දුවන දිවිල්ලට කකුලක් ලිස්සුවොත් මොන දෙයියන්ට කියන්නද. කොච්චර කිව්වත් අහන්නෙ නැ. එක අතකින් බැලුවම මේ කොල්ලො දෙන්නම එකයි. අර පැටික්කි නම් අහින්සක පාටයි. මුන් දෙන්නා එකතු වෙලා මගෙ ඔලුවෙ කෙස් ඉතුරු කලොත් ඇති. ඇත්තටම දැන් මට මගෙ අනාගතේ ගැන තියෙන්නෙ සාදාරණ බයක්... අනේ දෙයියනේ මේ කොල්ලො දෙන්නා මගෙ ඇගේ මයිල් එකින් එක ගලවයි. ඇත්තටම දැහැමියි... දැහැමි ගති බේ...රෙනවා.

දුවගෙන ආපු කොල්ලා පුරුද්දට ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ දොර ඇරියෙ ඇතුලට එන්න. ලමයව ඔඩොක්කුවට ගත්ත මං කෑ ගහන්න එපා කියලා කටට ඇගිල්ල තිබ්බෙ කටත් හයි ගාලා ඇරන් නිදන් ඉන්න යිබෝව පෙන්නලා. මං මේ මගෙ වාහනේ ඉස්සරහ සීට් එකේ දරුවා ඇරෙන්න කෙනෙක් ඉන්දවගෙන ගියාමයි. අඩුම මගෙ වයිෆ්වත් ඉස්සරහ සීට් එකේ මෙහෙම ගිහින් නෑ. එයාගෙ තිරිසන් ගති කොයි තරම්ද කියල කිව්වොත් මගෙ වාහනේ මට කියලම ඒකිගෙ හොර මිනිස්සු එක්ක හොටෙල් වලට අද්දගත්තා. මහ ජරා ජීවිත.

කොල්ලා යිබෝගෙ මූන දිහත් චූටික්කිගෙ මූන දිහත් මාරුවෙන් මාරුවට බලලා මං කියන්නත් කලින්ම වාහනෙන් බැස්සා. මට වචනයක් වත් කියන්න ඉඩ නොදී චූටික්කි ලගට ගිහින් ඒ අතකුත් අල්ලන් ඇදගෙන ආවෙ වාහනේ ගාවට. කෙල්ල බය වෙලා... ඇස් වල චූටි කදුලු කැට.

"ඕහ්... ඩැඩීගෙ චූටික්කි මොකෝ මේ අඩන්න හදන්නෙ."

"ඩැඩී කෝ අන්කල්."

💥Loving family💥  ( zhanYi ff )Where stories live. Discover now