Chapter 08 🖤💕

67 12 3
                                    

After 06 months

මාස හයක් නොදැනිම ගෙවී ගියා.. මාස හයක් ඇතුලත ගැහැණියක් විදිහට විදින්න පුලුවන් හැම දුකක්, වේදනාවක් ම වින්දා.. උදේ පාන්දරට ම නැගිටලා ටේහ්‍යුන් වෙනුවෙන් මහන්සි වෙලා හදන කෑම එක පවා කොල්ලා කෙල්ලට දමලා ගහලා ගියා.. රෑට සමහරක් දවස්වලට කට ගොන්නක් බීගෙන ඇවිත් කෙල්ලට ගහලා ගහලා දෙන්න පුලුවන් හැම වදයක් ම දෙනවා.. හැමදාම බිව්වෙ නැති උනත් රෑට කෙල්ලට දෙන ශාරීරික වදයනම් කොල්ලට අමතක වෙන්නෙ නැති තරම්.. උදේට ඇවිදගන්නවත් පණ නැති උනත් ආරෝ බිරිදකින් වෙන්න ඕනේ හැම යුතුකමක් ම ඉටු කරා..

අදත් ඒ වගේ දවසක්.. ගෙවුන රැය වේදනාකාරී මතකයක් ගෙන දුන්නත් ඇද ඇතිරිල්ලත් ඇගේ ඔතාගෙන කෙල්ල අමාරුවෙන් බිත්තිය අල්ල අල්ල බාතෲම් එකට ගියේ තමන්ගෙ අපිරිසිදු ශරීරය පිරිසුදු කරගන්න.. ටේහ්‍යුන් හැම රාත්‍රියක ම අලුත් කරන තමන්ගෙ ගෙල පාමුල සහ ලැම ප්‍රදේශයේ තිබුන දම් පාට කැළැල් මතට උණුසුම් දියබිදු වැටෙද්දි බාතෲම් එකෙ ටයිල් බිත්තියට වාරු වෙලා කෙල්ල අඩන්න ගත්තා..

සැහැල්ලු ඇදුමක් දාගෙන ආරෝ ඉක්මනින් කිචන් එකට දිව්වෙ ඇද මත තාමත් සුවෙන් නිදාගෙන ඉන්න ටේ දිහා බලලා.. කොල්ලා ආසම කිම්චි රයිස් එකක් හදපු කෙල්ල ඒකත් ඩයිනින් ටේබල් එකෙන් තියලා කොල්ලගෙ බෙඩ් ටී එකක් අරගෙන රූම් එකට ගියා.. ටී එකත් ටේබල් එක උඩින් තියලා ඇද අස්කර කර ඉද්දි කොල්ලගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙන්න ගත්ත නිසා කෙල්ල කොල්ලගෙ ෆෝන් එක දිහා බැලුවා..

" මොනාද තමුසෙ බලන්නෙ..ආආ"

" නැ.. මෙ.. ටේහ්‍යුන් ශි.. ඔ..ඔයාට ක්..කෝල් එකක්.."

බාතෲම් එකෙන් ආපු ටේහ්‍යුන් දැක්කෙ ආරෝ තමන්ගෙ ෆෝන් එක ගන්න යනවා.. එසැනින් කොල්ලා කෙල්ලගෙ අතේ තිබ්බ ෆෝන් එක උදුරලා අරගත්තා.. කෙල්ලත් ඉක්මනට පල්ලෙහාට දිව්වෙ බැනුම් අහගන්න වෙයි කියලා බයෙන්..

බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන සුපුරුදු පරිදි ටේ ඔෆිස් ගියේ කෙල්ලව හැමදාමත් වගේ ගෙදර තනි කරලා.. කොල්ලා ගියපු හැටියෙ ම කෙල්ල රූම් එකට ගිහින් ෆෝන් එක අරගත්තා..

Destiny ( COMPLETE )Where stories live. Discover now