CHAPTER 2

147 48 3
                                    

" අපි දැන් ගෙදර යමු.. ඉර මුදුන් වෙනකන්ම මෙතන ඉදගෙන ඉදලා අපි කළු වෙලත් ඇති.. "

කලිසම අතින් පිහදාන ගමන් නැගිටපු යුන්ගි ජිමින්ටත් අත දික් කරන ගමන් එහෙම කීවේ උදේ කන්ද නැගලා උඩට ඇවිල්ලා ඉදගත්තා ඉදගත්තමයි තාමත් නැගිට්ටේ නැති නිසා..

" ඔයා ඔයාගේ හම ගැන කවදා ඉදන් ද ඔච්චර සැලකිලිමත් වෙන්නේ..? "

යුන්ගිගේ අතින් අල්ලගෙන කන්දෙන් පල්ලෙහාට පද්ද පද්ද හිටපු කකුල් දෙක පරෙස්සමින් උඩට අරන් නැගිටින ගමන් ජිමින් ඇහුවා..

" හම ගැන විතරක් නෙමෙයි මං හැමදේම ගැන සැලකිලිමත්.. "

ජිමින්ව අල්ලලා මිරිකන ගමන් යුන්ගි එයාවත් ඇදගෙන කන්දෙන් පල්ලෙහාට දුවගෙන ගියේ ජිමිනුත් යුන්ගිගේ පස්සෙන් ම පල්ලෙහාට එද්දී..

" පොඩ්ඩක් ඉන්න මට කෝල් එකක්.. "

කලිසම් සක්කුවක් අස්සෙන් වයිබ්‍රේට් වුණු දුරකථනය එළියට ගන්න ගමන් ජිමින් කීවේ යුන්ගිත් පල්ලෙහාට බහින වේගේ අඩු කරද්දී..

" කියන්න "

" ඔයා කොහේද ඉන්නේ "

දුරකථනය එහාපැත්තෙන් තමන් මාස දෙකකට කළින් අත් හැරලා දාලා ආපු පරණ ගෙදරට එහාපැත්තෙ හිටපු ටේහ්‍යන්ග් කතා කරද්දී ජිමින් ඇස් රෝල් කළේ ' එයාට මොකට ද මං ඉන්න තැනක් ' කියලා හිතන ගමන්..

" මං යුන්ගිත් එක්ක ඉන්නේ "

" යුන්ගි කියන්නේ කවුද ? "

" එයා මගේ.! එච්චරයි.
මට කියන්න මොකටද ඔයා දැන් මට කතා කළේ ? "

" ඔයාගේ තාත්තාගේ තුන් මස් අවමංගල්‍ය සැමරුම් උත්සවය සංවිධාන කරන්න කියලා ඔයා සොහොනේ අයට දැනුම් දීලා තියෙනවා.. එයාලා උත්සවේ සංවිධාන කරලා.. ඒත් ඔයා සල්ලි දීලා නෑ.. ඒක නිසා එයාලා පොලිසියට යන්න හදන්නේ.. "

" දෙවියනේ මට ඒක කොහොම ද අමතක වුණේ..

මං දැන් ම පිටත් වෙන්නම්..හවස් වෙන්න කළින් මට ඔහෙට එන්න පුළුවන්.. එතකන් එයාලට ඉන්න කියන්න."

දුරකථනය විසන්ධි කරපු ජිමින් ඉක්මනට පහළට දුවගෙන ගියේ එයා කොහොමද අද වගේ දවසක් අමතක කළේ කියන එකට තමන්ටම සාප කරගන්න ගමන්..

අම්මත් නැතුව තාත්තා එයාව රෑ දවල් නොබලා මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලින් හොඳට බලාගත්තා..එහෙම වෙලත් තාත්තා ව ඉක්මනින් ම තමන්ගේ මතකෙන් ඈත් කරලා දාන්න තරම් තමන් නපුරු වෙලාද කියලා ජිමින්ගේ හිත වද දුන්නා..

_________________________________________
21:24
11.10.22

Wordcount : 273

©anti-social-cat

𝐖𝐀𝐒𝐓𝐄 𝐈𝐓 𝐎𝐍 𝐌𝐄 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [ 𝙲𝙾𝙼𝙿𝙻𝙴𝚃𝙴𝙳 √ ]Where stories live. Discover now