CHAPTER 01

172 46 16
                                    

අවුරුදු හතරක් ගිහින්.හුගක් දේවල් වෙනස් වෙලා.ඒ අතර තවමත් නොවෙනස් වුන දේවල් නැතුවමත් නෙමෙයි.මට සතුටු වෙන්න වගේම පසුතැවෙන්නත් හේතු නොතිබුනාම නෙමෙයි.මං මේ ගමන එන්නෙ මට අමතක කරන්න බැරි වුන,මට මගෑරුන වගේම මට වැදගත් කෙනෙක් වෙනුවෙන්.හැබැයි මං අද මේ යන ගමන නම් ඊට වඩා ටිකක් වෙනස් එකක්.කොහොම වුනත් මන් බලාපොරොත්තු වෙනවා ඒ අහින්සක ඇස් ඉක්මනටම මට මුණ ගැහෙයි කියලා.

අද මන් ආවෙ වෙනත් රාජකාරියකට මගෙ අලුත් ව්‍යාපාර හවුල්කරුවා මුණගැහෙන්න...මන් ඒ ගොඩනැගිල්ලෙ සුවිසල් කොරිඩෝව දිගේ ඇවිදන් යද්දි මගෙ සෙකට්‍රි මිස්ටර් කිම් පිටිපස්සෙන්ම ආවෙ අද දවසෙ මගෙ ඉතිරි වැඩ කොටස ගැන විස්තර කරමිනුයි . මගක් දුරට යද්දිම අපි මගින් නැවතුනේ මෙහෙ චෙයාමන්ගෙ සෙකට්‍රි ඇවිත් මට ආචාර කරළා පිළිගත්ත නිසයි.

"සුබ දවසක් මිස්ටර් මින් ඇන්ඩ් මිස්ටර් කිම් ඔයාලා වෙලාවටම ඇවිල්ලා."

" අපිට දැන් චෙයාමන්ව මුණ ගැහෙන්න පුලුවන්ද?"

"අහ්-අනේ..සමාවෙන්න සර්.පුලුවන් නම් ටික වෙලාවක් මෙතනින් ඉන්න පුලුවන්ද?"

"ටිකක් වෙලා ඉන්න ? තමුන් දන්නවානේද මේ ඉන්නෙ කවුද කියලා!අපිට මිනිත්තුවක් වුනත් අහක දාන්න වෙලාවක් නැහැ "

"මට සමාවෙන්න ස්-සර් ඒත් පොඩි කලබල-- සර් මට විනාඩි දෙකක් දෙන්නකෝ මන් ඉක්මනින්ම එන්නම්."

මිස්ටර් කිම් ගෙයි ඒ සෙකට්‍රිගෙයි සංවාදය ඒ විදියට වෙද්දි මන් ඒකට මැදිහත් වුනා

"හොදයි.එයාට කියන්න මං ආවා කියලා."

වෙලාවට වැඩක් කරන්න දන්නැති මිනිස්සුන්ට මන් පොඩ්ඩක්වත් ආස නැහැ ඒත් මේ ඩීල් එක අහක දාලාත් බැහැ .ඕන එකක් කියලා මං ටිකක් වෙලා බලන් ඉන්න හිතුවෙ ඒකයි ..විනාඩි පහක්,දහයක්?නෑ...
තවත් බලන් ඉන්න බෑ...

" කිම්"

" කියන්න සර් "

" අපිම ගිහින් බලමු "

" අහ් ඕකේ සර් යමු..."

මමත් ටේහ්යුනුත් චෙයාමන්ගෙ කැබින් එක ළඟටම පිටත් වෙද්දි දැන් විනාඩි පහළොවකට කලින් තව විනාඩි දෙකකින් එන්නම් කියලා ගිය චෙයාමන්ගෙ සෙකට්‍රි මැජික් සන්දර්ශනයක් බලනවා වගේ ඇසුත් ලොකු කරගෙන චෙයාමන්ගෙ වීදුරු දොරේ විනිවිද පේන උඩ කොටසෙන් කැබින් එක ඇතුළ බලාගෙන හිටියා

Bound   with   youWhere stories live. Discover now