Chapter 17

77 16 5
                                    

යුන්ගි හිටියේ තනි අතින් වගේම වේගයෙන් එයාගේ වාහනේ අරන් යන ගමන් . එයාගේ පස්සෙන් එන ඩිෆෙන්ඩර්ස් වල හිටියේ  කොච්චර පිටිපස්සෙන් එන්න එපා කිව්වත් ඇහුවේ නැති ජින් වගේම නම්ජූන් එක්ක ආපු ගාඩ්ස්ලා . එතකොට අනිත් අය වැඩි ආරක්ෂාවට මැන්ශන් එකෙන් පිට underground  place   එකක ආරක්ෂිතව නැවැත්තුවා .

ජන්ග්කුක් ඉන්න තැන දන්නවා නම් ඇයි එයා මේ කලබලෙන් එතනට යන්නේ . ඒ වූහ්‍යුන්ග් එයාට කතා කරලා කියපු දේ නිසා.

Flashback ......

"අරුන්ට ගනින් කෝල් එකක් ඊට පස්සේ වෙන්න ඕනි දේවල් කියපන් "

වූහ්‍යුන්ග් කිව්වේ එහෙම . ඒත් අනිත් පැත්තෙන් යුන්ගිගේ කටහඩ ඇහෙනවත් එක්කම වූහ්‍යුන්ග් පැනලා ෆෝන් එක අරන් යුන්ගිට කතා කරනවා.

"කියන්න මොකද කතා කරේ ?" අනිත් පැත්තෙන් ඇහුණේ යුන්ගිගේ ඕනාවටත් වඩා  නිවුණු වගේම පැහැදිලි කටහඩ

" මට ඕනි දේවල් ගැන තමුන් දැනටමත් දන්නවනේ මිස්ටර් මින් යුන්ගි . "

" අන්න ...අන්න ඔයාට වැරදුනා වූහ්‍යුන්ග් .මන් දන්නේ වගේම මට වැදගත් මගේ දේවල් විතරයි .අහසින් කඩාපාත් උන එවුන්ට ඕනි දේවල් මන් දන්නේ නෑ "

"හහ් ... මින් යුන්ගි ඔයා ඔය යන්නේ නම් වැරදි පාරක .මට ඕනි ගැන්ග් එක කියලා මට වැඩිය කොහොමත් ඔයා හොදටම දන්නවනේ "

" ඔහ් මිස්ටර් ජියෝන් මෙච්චර කල් අමාරුවෙන් හම්බ කරපු දේවල් ඔහේ වගේ මොලේ හොදම නැති නාකියෙක්ට දෙන්න තරම් මට පිස්සු තද වෙලා නෑ " පුලුවන් උපරිම සමච්චල් සහගත විදිහට යුන්ගි එයාගෙ හඩ පාවිච්චි කලේ ඒකෙන් වූහ්‍යුන්ග්ට යකා නගිනවා කියලා දන්න නිසාමයි.

" හහ් තමුන් එහෙමද එන්නේ මින් සුන්ගි .. මතක තියා ගන්නවා තමුන්ලගේ මහලොකු ලීඩර් පොඩි එකා ඉන්නේ මන් ළග කියලා . තමුන් දැන් හරි තීරණයක් නොගත්තොත් මන් උගේ ජීවිතේට වග කියන්නේ නෑ " යුන්ගිට ඕනි උන විදිහටම වූහ්‍යුන්ග් කිව්වේ කේන්තියෙන් .

ඒත් එක්කම අනිත් පැත්තෙන් යුන්ගිට ඇහුණේ ජන්කුක්කේ කටහඩ . වූහ්‍යුන්ග් ගේ කෝල් එකට හෝසෝක් ඇතුලු හැමෝගෙම අවදානය යොමු වෙලා තියෙන වෙලාවේ ඇහැරුණ ජන්ග්කුක් කොහොම හරි තමන්ගේ කටේ ගැටගහලා තිබුණ රෙදි කෑල්ල ගලවගන්න සමත් වෙනවා. එයාලට ඒකට අවශ්‍ය පුහුණුවක් කොහොමත් ලැබිලනේ තිබුණේ.

MINT MIN LOVE |•| [BTS SUGA]|Sinhala|•|  (Completed )Where stories live. Discover now