⛓️ 11 ⛓️

146 29 4
                                    

............. unknown place..........

භූගත අදුරු කාමරයක වේදනාත්මක විලාපය පිටත ලෝකයට වසන් කරමින් ගෙවෙන හැම තත්පරයක් ම තම ජීවිතය ඔහුගෙන් අයැදමින් පැය කිහිපයක් අරගල කරන්න උන පොලිස් නිලධාරියා සිහිසුන්ව ඇදගෙන වැටුණේ තවත් ඉවසිය නොහැකි තරම් තම සිරුරෙන් ලැබෙන අසීමිත වේදනාව නිසා.... අත් පිටු පසට බැඳ තිබු ඔහුගෙ අඩ නිරුවත් සිරුර පුරාවටම කැපුම් තුවාල සහ පහරදීම් නිසා ඇති වූ තැලීම් වගේම සම පුපුරා ගලන ලේ වලින් මුළු ශරීරයම නැහැවී තිබුණා.....

සිහිසුන්ව සිටි ඔහුගෙ මුහුණට පා පහරක් එල්ල කල dark lord කාමරේ මුල්ලක තිබුණ වතුර පුරවපු භාජනය අරගෙන ඇවිත් ඔහුගෙ මුළු ශරීරය පුරාම නැහැවෙන ලෙස එක වරම වතුර දැම්මා... තුවාල වලින් ලැබෙන වේදනාව එන්න එන්න වැඩි වෙද්දී Seo yuk ට හිමිට සිහිය එන්න පටන් ගත්තා....

👨‍✈️ ම..ට ..යන්....න දීපන්...හහ්...නැත්තං නැත්තං...මාව ...ම්ම්ම්... එක පාර මරපන්......

💀...ම්ම්ම්...හ්ම්ම්ම්..... ටික ටික මැරෙද්දි තමයි ඒකෙ විනෝදයක් තියන්නේ.....

👨‍✈️ මං කියන ඕනි දෙයක් කරන්නම්...ඕනිම දෙයක්... මාව එක පාර මරන්න....

සිරුරත් මුළු මුහුණත් ආවරණය කරගත්ත dark lord ගෙ සැබෑ හැගීම මේ වෙලාවේ Seo yuk ට ප්‍රහේලිකාවක් ... ආවරණය නොවුන ඇස් වලින් අනුකම්පාවක සේයාවක් වත් තිබුණේ නැහැ... ඔහු හිමින් ඇවිදගෙන ගියේ කාමරේ මේසය උඩ ලොක් කරල තිබුන box එක ලඟට... පරිස්සමට ඒක ඇරලා ඔහු එළියට ගත්තෙ විදුරු බෝතලයක් ....

මේ සියල්ලම බලාගෙන හිටපු Seo yuk ට තම ජීවිතය ගැන තිබුන අවසාන බලාපොරොත්තුව ද නැති වෙන්න ගත්තෙ dark lord තමන්ගේ පැත්තට එන විට..ඔහු දෙවියන් යදින්න පටන් ගත්තා...

ඔහු ලඟට ආව dark lord තම අතේ තිබුණ බෝතලේ වසා තිබෙන ඇබය ඉවත් කර Seo yuk ගෙ මුහුණට එබුනා...

💀 කොහෙද officer jung...

👨‍✈️ sir ඉන්නේ රුසියාවේ ... දවස් කීපයකට කලින් එයා පවුලේ අයත් එක්ක ... එහෙ ගියා... මන්...මන් දන්නේ එච්චරයි...

💀 jung ඇයි park family එකට attack කරේ..

👨‍✈️ ...sir ඒ ගැන අපිටත් මොකුත් කිව්වේ නෑ... කරන්න කියපු දේ ....විතරයි අපි කරේ... අපිට order එක ආවේ ....god father ව .....හහ්........ එයාගෙ සහෝදරයා වත් මරන්න...

රතු උන ඇස් වලින් බලාගෙන හිටපු dark lord බෝතලේ ඒ තිබුණ ද්‍රාවණය හිමින් Seo yuk ගෙ තුවාල වෙලා තිබුණ තැන් වලට හලන්න පටන් ගත්තෙ කිසිම අනුකම්පාවක් නැතිව .... තුවාල පිළිස්සෙමින් ඇටකටු පාවා දිය කරමින් ඒවා ශරීරය හරහා යන්න පටන් ගත්තා.... මුළු සිරුර තැනින් තැන පිළිස්සී යද්දී Seo yuk විලාප දෙමින් දඟලන්න ගත්තෙ දියෙන් ගොඩ දැමූ මාළුවෙක් වගේ... තම බූට් සපත්තුව තුළ රඳවාගෙන සිටි පිහියක් එළියට ගත් dark lord ඇඟිලි වලින් කරකවා එක වරම ඔහුගෙ ගෙල කපා දැමූ අතරම නිසල වෙමින් ඇදගෙන වැටුණ සිරුර වගේම පොළොව ලේ විලක් කරමින් අවසන් හුස්ම පිට කර දැමුවා.....

💀 jung... උබ මේ ලෝකේ කොහෙ හිටියත් මන් උබව හොයාගන්නවා ...

________________________________________________________________________________

________________________________________________________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 Dark Lord

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Dark Lord

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now