හඳ වෙත ලියමි - 1

17 1 1
                                    

ඉතින් හඳ කොහොමද ඔයාගේ ආදරේ?
ඔයා කොයිතරම් ඉරට ආදරේ ඇතිද?
ඒත් මේ කතා කරන්නේ ඔයාගෙ ඉර නම් නෙවෙයි.
ඔයාගෙ ලඟින්ම ඉන්න දීප්තිමත්ම තරුව.

ඔයා ඉරට ගොඩාක් ආදරේ ඇති.
ඒත් කවදාවත් ඔයාට ඒක ඉරට කියන්නවත් හම්බ වෙන්නෙ නෑ නේද?
ඒත් ඔයාට පුලුවන් ඒක හැමදාම තරුවලට කියන්න. ඔයා හැමදාම කරෙත් ඒක.
ඒත් ඔයා ආදරේ කරන්නෙම හම්බ වෙන්නෙ නැති ඉරටම.

හඳ දන්නවද දෙයක්,
මිනිස්සුන්ට උනත් හැමදාම මතක හිටින්නේ ඉරයි හඳයි වගේ කතාවල් විතරයි.
කාට උණත් මතක හිටින හිමි නොවන ප්‍රේමයක්.
හැබැයි එයාලට අමතකයි තරු තමයි අමාවකදි උනත් එයාල වෙනුවෙන් ඉඳියේ කියලා.
මාත් ඒ තරුවක් වගේ. ආදරේ කරන්නේ ලස්සන හඳකට. ඒත් ඒ හඳ ආදරේ කරන්නෙ වෙන ඉරකට.

"අයිතියක් නැතිව කරන හැම ආදරයක්ම ලස්සනයි. ඒත් ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ගේ ආදරේ කැපකරන කතාවල් ඊට වඩා ගොඩාක් ලස්සනයි"

හැබැයි කවදාවත් ඒ කතාවලට තැනක් ලැබෙන්නේ නෑ
මොකද ඒවා කාටවත් මතක හිටින දේවල් නොවෙන නිසා.
හඳ ඉරත් එක්ක එකතුවෙලා සතුටින් ඉන්නවා ඈතට වෙලා මේ පුංචි තරුවත් බලන් ඉන්න ආසයි.

ඉතුරු ටික තව කතාවකින් කියන්නම්!

Buddhima Himal Thennakoon
02.11.2022

හඳ වෙත ලියමි!🌝🤍Where stories live. Discover now