ඒ තමයි ආදරය!❤️

8 1 0
                                    

දන්නවද හඳ?!
මේ එකම හඳක්,එකම ඉරක්,එකම තරු රෑනක්,එකම අහසක් යට,
කතන්දර රාශියක්,මිනිසුන් රාශියක්
කාලයත් එක්ක ඔට්ටු වෙවී එකම දෙයක් පස්සෙ දුවනවා.
ඒ තමයි ආදරය!

මේක තරඟයක්. මේක රේස් එකක්.
මිනිස්සු ගොඩක් මේකෙදි පරදිනවා.
සමහර බොරු කරන්න ගිහිල්ලා පරදිනවා.
සමහරු බොරු දරාගන්න බැරුව පරදිනවා.
තවත් සමහරු ඇත්ත කියලා පරදිද්දි සමහක් මිනිස්සු තමන්ගෙ,නැත්නම් එයාගෙ අරමුණු වෙනුවෙන් පරදිනවා
කවුරු කෝම මොනව කිව්වත්,මිනිස්සු මේ තරඟයෙදි පරදිනවා.
ඒ තමයි ආදරය!

එතකොට දිනන්න පුලුවන් කවුරුත්ම නැද්ද......?
......................
ඉන්නවා.!

කට්ටියක් ඉන්නවා එයාල මේ රේස් එක දුවන්නේ හරිම අමුතු විදිහකට.
එයාල රේස් එක දුවන්නෙ ගොඩක් හිමින්.
දිනුම් කනුව ලඟට ඉක්මණට එන්න හදිස්සියක් නෑ.
වටේ මිනිස්සු මොන දේ කිව්වත් එයාලට ගාණක් නෑ
අනිත් තරඟකරුවෝ කොච්චර වේගෙන් ගියත් එයාලට ප්‍රශ්නයක් නෑ.
මොකද එයාල දන්නවා තරඟය මුලින් ඉවර කරත් අන්තිමට ඉවර කරත් ඉවර කරන්නෝනෙ එකම දිනුම් කණුව ගාවින් කියලා.
සරලවම කිව්වොත් එයාලට මේක රේස් එකක් නෙවෙයි!
මොකද එයාලගෙ රේස් එකේ නවතින්න ඕන තැන එයාලම හොයාගෙන ඉවර නිසා.
දිනුමක් නැති රේස් එකක් පස්සෙ දුවනවට වඩා සතුටින් නවතින්න පුලුවන් තැනක නවතින්න තරම් එයාල බුද්ධිමත් නිසා.

එතන තමයි සැබෑ ආදරය තියෙන්නෙ!

බුද්ධිම හිමාල් තෙන්නකෝන්
2022.12.09

You've reached the end of published parts.

⏰ Last updated: Dec 09, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

හඳ වෙත ලියමි!🌝🤍Where stories live. Discover now