09.dissapointment

90 19 4
                                    

"Good morning ලමයි... අලුත් term එක අදින් පටන් ගන්නවා.... ඒ වගේම ඔයාලට කියන්න දෙයක් තියනව... අපේ අන්තිම trip එක අපි ලබන සතියෙ යන්න ලෑස්ති කරල තියනව.... "

"ආ... යමු යමු miss.... "

ඔක්කොම ලමයි කෑ ගහද්දි Diaයි Teeයිත් පොඩියට හිනා වෙලා බිම බලා ගත්තා...

"ලමයි... නුවරඑලි යමු නේ....මුලින්ම හෝර්ටන්තැන්නට ගිහින් ඊලගට සීතාඅම්මාන් කෝවිලට යන්න තමා හිතන් ඉන්නෙ... කට්ටියට exam එකට pray කරන්නත් එපැයි... අන්තිමටම lovers leap යමු... දිය ඇල්ල බලලා හවස් වෙද්දි ගෙදර එමු... එහෙම හොදයි නෙ.... මම සේරම විස්තර හෙට කියන්නම්.... අම්මලගෙන් අවසර ඉල්ලන් එන්න එහෙනම්...."

"හා... miss"

ඒ කතාවෙන් පස්සෙ class teacher පන්තියෙන් එලියට ගියා....

.
.
.
.

"Dia... teeshaa... දෙන්නම class එකෙන් එලියට එන්න. දැම්ම."
Class teacher, interval එකේ තරහෙන් ඇවිල්ලා කෑ ගහල ගියා....

"යන් බලන්න..."
කියන ගමන් Dia,Teeගෙ අතින් අල්ලන්ම class එකෙන් එලියට ගියා...

"මොන විකාරයක්ද මේ අහ්... මොනා ද හිතන් ඉන්නෙ ඔය ලමයි. මම ඕගොල්ලන්ගෙ දෙමාපියන්ටත් කතා කලා... ලැජ්ජාවක් නැද්ද අහ්... කෙල්ලො දෙන්නෙක් හහ්., don't be ridiculous.... ඔයාලගෙ දෙමාපියන්ට මේවා දැන් නොකියා ඉන්න බෑනෙ. අනිත් ලමයින්ටත් නරක ආදර්ශයක් මේක."

"Teacher... මම Diaගෙ අම්මා"
" Teeshaගෙ අම්මා..."

"ඔයාලා ආව එක හොදයි... මම මෙයාලගෙ ඉස්සරහම කියන්නම්කො... මේ ලමයි දෙන්නා ආදර සම්බන්දයක් පටන් අරන්. මොන තරම් විකාරයක්ද කියල තේරෙනවද ඔයාලට... ඔයාලා උනත් වග කියන්නෝනෙ මේවට. හරියට ලමයින්ට උගන්නන්න දන්නෑ. දැන් වත් මේ ලමයින්ට තේරුම් කරන්න මේවා. ඉගෙන ගන්න හොද ලමයි දෙන්නෙක් මෙහෙම විකාර abnormal තත්වෙකට වැටෙනවට කැමති නැති නිසයි මම කියන්නෙ"

Diaගෙයි Teeගෙයි අම්මලගෙ ඇස් වල කදුලු පිරිලා තියෙද්දි ඒ ගැනවත් නොහිත class teacher කියවන්න ගත්තා...

"හා teacher"
කියලා Teeගෙ අම්මයි Diaගෙ අම්මයි වෙන මොකුත් නොකියම එතනින් ගියා...

"අම්මා..."
"අම්මා... කව්ද උබගෙ අම්මා.... මම වේ වගේ ජරාවකට පණ දුන්නෑ. තව අම්මා කියාගෙනත් එනව. තාත්තත් නැතුව හැදුවට වෙන්න ඇති මේ සලකන්නෙ."

Teeගෙ අම්මා එක දිගටම බනින්න ගද්දි Diaගෙ අම්මා ආපස්සවත් හැරෙන්නැතුව ගෙදර ගියා.

ගෙදර ගිය ගමන් Teeගෙ කම්මුලට ගහපු Diaගෙ අම්මා බනින්න පටන් ගත්තා.

"උබට ඉන්න තැනක් දුන්න නිසා වෙන්න ඇති මෙහෙම කලේ. අනික Dia ඔයාට තේරුම් ගන්න මොලයක් නැද්ද... මේ දේවල් කොහෙන් කෙලවර වෙයිද කියලා..."

Diaටත් කම්මුල් පාරක් ගහන ගමන්ම Diaගෙ අම්මා කතා කලා.

"දෙන්නම යනවා තම තමන්ගෙ කාමර වලට... කරපු වැරැද්ද ගැන හිතලා බලනව හොදට.... ලැජ්ජාවක් නැති කම... කවද අපේ පවුල්වල සිද්ද වෙච්ච දේවල්ද මේ... කොහොම කෙලවර වෙන දේවල්ද මේ"

අම්මා බනින අස්සෙම Diaයි Teeයි එයාලගෙ කාමරවලට ගිහින් දොරවල් වහ ගත්තා.... ඒත් එක්කම දොර දිගේ බිමට රූටල ගිහින් මූන වහන් දෙන්නත් එක්කම ඉකි ගහන්න ගත්තා....

ඊට දවස් දෙකකට පස්සෙ trip එක ගැන කතා කරන්න parents meeting එකක් තිබ්බත් දෙන්නගෙම අම්මල නම් meeting එකට ආවෙ නෑ...

Dia එයා ලග ඉතුරු කරල තිබ්බ සල්ලි වලින් එයාටයි Teeටයි trip එක යන්න සල්ලි දුන්නෙ අඩුම තරමෙ මේ දේවල් වලින් ඈත් වෙන්න හිතාගෙන.

Trip එක යන්න කොච්චර ආස උනත් dew තාමත් hospital එකේ නිසා ඒකට වාසනාව නැති උනා....

Teeගෙ ගෙදරින් ආපහු එක වතාවක්වත් Teeට කතා නොකර ඉද්දි Diaගෙ අම්මත් මේ දෙන්නා එක්කම සතියක් යනකම්ම කතා කලේ නෑ....

"Such a dissapointment."

එකම එක පාරක් Diaගෙ අම්මා Dia දිහා බලලා කිව්වා...

තමන්ට දැනෙන දුක කියන්න dewවත් ලග නැති වෙලාවෙ හැමදේම මේ දෙන්නා පුලුවන් විදියට දරා ගත්තෙ, තව දවස් දෙකකින් trip එක ගිහින් ටිකක් හරි නිදහස් වෙන්න පුලුවන් කියල එයාලගෙම හිත් රවට්ටගෙන...
ලෝකෙට පේන්නවත් හිනා වෙන්න ඒ දෙන්නට මතක් නොවෙන තරමට ඒ හිත් රිදුනෙම එයාල වෙනුවෙන් කවරුවත්ම එයාලා ලග නැති බව දැනිච්ච නිසා.

නැවත හමුවන තුරාWhere stories live. Discover now