Chapter 02

79 15 3
                                    

නෑ එයත් ඔයාට ආදරේ කරා

හහ්
යුන්ගි පිටිපස්ස හැරුණේ එයාගේ පිටිපස්සෙන් ඇහුණ කටහඬ නිසා වුණත් එයාට තරහ ගියේ එතන හිටපු කෙනා නිසා

තමුන්

ඔප්පා මං කියන දේ අහන්න

මොනවා අහන්නද.. මෙහෙට ආවේ තවත් මගේ හිත රිද්දලා යන්නද.. එයා මං නැතුව ඔයා එක්ක සතුටින් කියලා කියන්නද... එයා එයා
යුන්ගිට තවත් මුකුත් කියන්න බැරි වුණේ එයාගේ කටහඬ බිඳිලා ගියපු නිසා

එයා ඔයා නැතුව කවදාවත් සතුටින් හිටියේ නෑ යුන්ගි

බොරු

බොරු නෙවෙයි... මේ බලන්න මං දිහා

මෙතනින් යන්න ප්ලීස්
යුන්ගි අන්තිමට බිඳුණු කටහඬින්ම කිව්වේ එයා ඉන්නේ අන්තෙටම වැටිලා නිසා

මං දිහා බලන්න එකපාරක්.... ඔයාට මාව දැක්කම මතක් වෙන්නේ කවුද කියන්න
ඒ කෙනා කියද්දි යුන්ගි හෙමීට එයා ඉස්සරහ ඉන්න ගර්ල් දිහා බැලුවේ බොඳ වුණ ඇස්වලින්

ඔ.ඔයා එයා වගේමයි

ම්ම්ම්

එයා මගේ ඔප්පා..  මං ජන්ග් ජිවෝන්... ජන්ග් හෝසොක්ගෙ නංගි

ඒත්

එයා ඔයාගෙන් ඈත් වෙලා හිටියේ නෑ යුන්ගි... එයාව ඔයාගෙන් ඈත් කරා

ඒත් කවුද

ජිවෝන් මං තමුන්ට කිව්වා
ජිවෝන්ට තවත් මුකුත් කියන්න බැරි වුණේ එකපාරටම යුන්ගිගෙ රූම් එක ඇතුළට ආව යුන්ගි මෙච්චර කල් බලාපොරොත්තු වුණ දැන් ටිකකට කලින් යුන්ගිට මුණ ගැහුණ රූපෙ...

සියොකී
යුන්ගි හෙමීට මුමුණලා බිම බලාගත්තේ හෝසොක්ගෙ තරහටම රතු වෙච්ච මූණ දිහා බලාගෙන ඉන්න බැරි නිසා

ජිවෝන්

මොකද...  ඔයාගෙ සද්දෙ මට දාන්නෙපා ජන්ග් හෝසොක්...

ජ්

මට බෙරිහන් නොදී අදවත් ප්‍රශ්න විසඳගන්න ඔප්පා
ජිවෝන් එහෙම කියලා තාමත් බිම වාඩි වෙලා බිම බලාගෙනම ඉන්න යුන්ගිව පෙන්නලා එතනින් එලියට ගියා....

te amo || Sope || || On Hold ||Where stories live. Discover now