🐱 Chapter 48 🐱

871 243 24
                                    


Xiao Zhan's P.O.V

" Où vas-tu mec.!"
( කොහේ බලන්ද මිනිහෝ යන්නේ..!)

ඇගේ වැදිලා බිම වැටුනේ මම වුනාට හිටන් හිටිය එකා මොකදෝ නොදන්න භාසාවකින් මට බනින්න ගත්තා .. මං හිතන්නේ ප්‍රංශ භාසාව වෙන්න ඕන.. පිනා කිව්ව විදිහට මේ අය කතා කරන්නේ English නැත්තම් French  ...

නාන්නාදුන රටක නන්නාදුන මිනිහෙක්ගෙන් රෑට නොමිලේම කන්න හම්බවෙයි කියලා තිබ්බ බයට  වැටුනට වඩා වේගයෙන් මම හිටගත්ත..හිටගෙන අර වැදුන මනුස්සයගෙන් සමාව ඉල්ලුව..

" සමාවෙන්න..සමාවෙන්න..! හිතලා නෙමෙයි කලේ..මම දැක්කේ නැහැ.. "

" Hey..wait..wait..ඔයා චයිනීස්ද...?"

නොදන්න භාෂාවකින් කතා කරපු මිනිහා ඒ වතාවේ මට තේරෙන භාෂාවකින් කතා කරන්න ගත්තම මම ටිකක් පුදුම වුනා.. එතකොටයි මම හරියට ඒ මනුස්සයගේ මුහුන දිහා බැලුවේ...

ඇදුම් විලාසිතාවෙන් කතා කරන විලාසයෙන් තනිකරම සුද්දෙක් වුන එයාට තිබුනේ චීන්නුට උපතින්ම උරුම හීනි දිගැටි ඇස්.. ... මගේ ඉස්සරහ හිටියේ අවුරුදු තිහක විතර අපේ රටේ පිරිමියෙක්... ඔව් කඩවසම් පිරිමියෙක්..

" ඔව්.. මට සමාවෙන්න.. මං හින්දා ඔයාගේ ඇදුමත් සවුත්තු වුනා..!"

මන්දන්නෑ Casino එකෙන් එලියේ විස්කි වීදුරුවක් තියන් මේ මනුස්සයා කොහේ ඇවිදිනවද කියලා.ඒත් මං හින්දා කොහොම හරි ඒ විස්කි හැලිලා ඒ මනුස්සයගේ වටින ඇදුම සවුත්තු වුනා..

මම මගේ පොකට් එකෙන් ගත්ත ලේන්සිවකින් මේ නන්නාදුන අපේ රටේ මනුස්සයගේ ඇදුම පිහන්න යනකොට එයා හිනා වෙලා මාව නැවැත්තුවා..

"Don't wrry Man..ඕක අතහැරලා දාන්න.. විස්කි වීදුරුවක් ඇගේ හැලුන කියලා ගෙවෙන් නැහැ නේ.. එහෙම හරි මගේ රටේ කෙනෙක්ව මිට් වුනා කියන්නේ හරියට අම්ම අප්පා දැක්ක තරම් සතුටක්..!"

ඇති ඔහෙන් ගියා.. එක කරදරයකින් බේරෙන්න කියලා තව පොඩ්ඩෙන් තව කරදරයක වැටෙනව..

"  මොකක්ද ඔයගේ නම.. මොකෝ අතරමං වෙලා වගේ... ?"

" අහ්.මම ජාන්.. ෂියාඕ ජාන්..ම්-"

ඒත් මට අලුත් අමුත්‍තා එක්ක වැඩි වෙලා කතා කරන්න ලැබුනේ නැහැ.. පිටිපස්සේ මට චෙන් යූගේ කටහඩ ඇහුනා..

Black Cat ( YIZHAN FF ) ✔️✔️Where stories live. Discover now