(කාළයකට පසු)

83 23 0
                                    

හිත් කෙසේ, බිඳී කුඩි වී විසිරී ගියත්, යම්තැනක ඇත්තානම් සැබෑම ප්‍රේමයක්
එය කිසිඳුවිටක මළින වන්නේ නැත. යම් ප්‍රේමණීය පුද්ගලයන් සිය ප්‍රේමය හදෙ හි සදාකල්ම මිහිදන් කොට, හුස්ම වැටෙන මළ කඳක් සේ සිය ජිවිත අරඹන්නෝ ය.

______________________________

වසර දෙක තුනක් ගත විය. ඔහුට නර්මදා ව මුණ ගැසීමට නොහැකි විය. ඇය මුහුණු පොතෙහි පළ කරන යම්කිසි ඡායාරූපයක් වේද, ඔහුට දැකගන්නට ලැබුණෙ එමණක් ය.

"මචං කොළඹ කැම්පස් එකේ ප්‍රදර්ශනයක් තියෙනවලු, රෑට මොකද්දො ලොකු උත්සවයක් එක්ක, රෑ කෑමත් දෙනවලු"

"යමං ද?"

"අහ් ඔව්, කැම්පස් එක්කින් දහයක් අනිවාර්‍යෙන් එන්නෝනිලු, ටිකට් එකනම් අඩුයි කිව්වා"

"රුහුණෙන් යන සෙට් එකට අපි ටික නම් දාමු ද? එක්සෑම් ළඟ නිසා මොකෙක්වත් යන්නැතිවෙයි"

"ඒකත් ඇත්ත. කාළෙකින් කොළඹ ගියෙත් නැ, සෙට් එකම එකතු වෙලා යමුද?"

කොළඹ රස්නෙට, ගලන දාඩිය මැදින්, කොළඹ විශ්විද්‍යාලයේ ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ මැදිරියට ඔවුන් යන්නට විය. ප්‍රදර්ශනය අවසන් වී හවස් සමයේ
ඔවුන් ශාලාවකට එක්රැස් විය.

වේදිකාව ආලෝකමත් වී, නිවේකදයෙක් සහ නිවේදිකාවක් පැමිණ උත්සවය ඇරඹී ය.

"අද මේ අලංකාර රාත්‍රියෙහි, ඔබ හමුවට එන මම රුවන්ත ගමආරච්චි."

"මම නර්මදා සේනානායක"

...........

"මොකද්ද එ කිව්ව නම?"

"මොන?"

"අර නිවේදිකාවගෙ නම?"

"නර්මදා ද? මොකද්ද නෙ?"

"පිටිපස්සෙ නිසා හරියට පේන්නෙත් නැ,"

කොළඹ විශ්වවිද්‍යාලීය, කළා පීඨයෙන් සූදානම් කළ සාහිත්‍ය උත්සවය එලෙස අවසාන විය.


______________
ඉදිරියට....
ManuG.🦋💕

ඇය.... - HER...♡ Where stories live. Discover now