10 ගගා ළඟට යන්න ඕනි

51 17 2
                                    

My Little 🐰
Chapter 10

දිනෙන් දින ගත වෙත් ම යීබෝගේ ඉවසීම හමුවේ ශාන්ගේ හිතුවක්කාර මුරණ්ඩු ගති පැවතුම් ක්‍රමයෙන් අඩුවන්නට විය. වෛද්‍යවරයා බලාපොරොත්තු වූ ආකාරයට ශාන් සාමාන්‍ය චර්යා රටාවන් පෙන්වන්නට පටන් ගත් පසු ඔහු කීප වතාවක් ෂියාවෝ මහතා බැලීමට යාමට ද එකඟ විය. වෛද්‍යවරුන් පවසා සිටියේ ෂියාවෝ කීප වරක් ම සුළු සුළු චලන සිදු කර ඇති බවයි. එය කාගේත් සිත්වලට සැනසුම් ගෙනා පුවතක් විය.

ශාන් වෙනුවෙන් ම කැප වෙමින් ශාන් මත්තේ ම හිඳිමින් මසක පමණ කාලයක් ගත වී ගියා කිසිවෙකුටත් දැණුනේ ⁣නැත. මේ කාලය තුළ ශාන්ට ඇසෙන සේ කිසිවෙකුත් මැඩම් යෝෂින් පිළිබඳ කතාබහක් කළේ නැත. එයින් ශාන්ට එය අමතක වූවාක් මෙන් විය.

ගෙවුණු මාසය ම ශාන් නින්දට ගියේ යීබෝගේ පපුව උරමින් ය. ඇතැම් දිනවල තම කාමරයේත්, ඇතැම් දිනවල යීබෝගේ කාමරයේත් නිදන්නට ඔහුට ඕනෑ විය. ඒ සෑම දිනක ම ශාන් යීබෝගේ පපු⁣වේ එල්ලී ඒ මුහුණ අතගාමින් ම දෙනෙත් පියා ගන්නේ ය. උදෑසන අවදිවන තුරුත් ඔහු එලෙසින් ම සිටියේ ය. ශාන්ගේ මේ අමුතු පුරුද්ද නිසා යීබෝගේ හිත අමුතුම ආකාරයකින් ශාන් වෙත බැඳුණේ ය. ඔහු ශාන්ගේ දෑස් නිදිමතෙන් පියවන තුරු ම ඒ දෑස් දෙස ම බලා සිටියේ ය. ශාන් ද නිදිමතෙන් පියවන දෑස් ආයාසයෙන් විවර ව තබා ගනිමින් යීබෝගේ දෑස් දෙස බලා සිටියේ ය. ශාන්ට නින්ද යන තුරු ම යීබෝ එක් අතකින් ශාන්ගේ හිස අත ගාමින් අනෙක් අතෙන් හෙමින් පිටුපසට තට්ටු කළේ කුඩා දරුවෙකු නිදි කරවන ආකාරයෙන් ය. 

ශාන්ගේ හැසිරීම් සාමාන්‍ය වී ටික දිනකට පසු යීබෝ දවල් දවස ශාන් ව මදක් මගහරිමින් සිටියේ ය. ඔහු රෝහලටත්, ෂියාවෝ ආයතනයටත් යන්නට පටන් ගත්තේ ය.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
MY LITTLEWhere stories live. Discover now