කෙටි කතාව

10 4 9
                                    

" ඒ මහේශයා උබ ඇයි බන් කෙල්ලෙක් හොයාගන්නැත්තේ "

" වදයක් නිසා."

" අනේ නිකන් පලයන් යන්න උබේ ඔය සීතල ගති වලට කෙල්ලො කැමති නෑ "

" මොකක්ද දැන් උබ කියන්නේ "

" ආ උබ හෙන චරිතෙනම් කෙල්ලෙක් දාගෙන පෙන්නපන් අදම "

    මහේශ් දිල්නෙත් සේනාධීර  ඔහු ගණිත අංශෙන් A/L අන්තිම වසරේ ඉගෙනුම ලබන මධ්‍යම පාන්තික පවුලක එකම පුතා  විය. ඔහුගේ සීතල ගතිගුණ ඔහුටම ආවේනික වූ අතර ඒවාට ඔරොත්තු දෙන්න පුලුවන් උනේ ඔහුගේ මිතුරන් දෙදෙනාට පමණක් විය. මෙවර මහේශ් ගේ කෝපය හා ලැජ්ජාව ඉහවහා යවන්නට යාලුවන්ගේ මෙම විහිලුවට හැකි විය.

" බලන් ඉදපන් උබට පෙන්නන්නම් "

ඔහුට යමෙක් සිහිවිය. දැනට අවුරුද්දක වෙලේ සිට තමන්ගේ පසුවස වැටුණු කෙල්ලෙක් සිටි අතර ඇය ඔහුට කරදර නොකළත් ඇගේ නෙතූ ඔහුගේ අසලම බව ඔහූ දන්නේය. ඇය නිල්නෙතු සිත්මි පෙරේරා විය. A/L  වසරේ මුල ඇය ජීව විද්‍යා අංශෙන් ඉගෙනුම ලබයි.ඇගේ දෙමාපියන් වියෝ වී ඇති අතර ඇය ලමා නිවසෙක හැදී වැඩී ඇත . අවුරුදු 18 පිරුනු වහාම ඇය කුලා කුලී නිවාසයක් රැගෙන නිවාසෙන් වෙන් විය. ඇගේ වියදම් සපුරාගැනීමට ඇයට තම YT චැනලයේ කුඩා ආදායම ප්‍රමාණවත් විය. බැලූ බැල්මට සුන්දරම නොවුනත් ඇගේ යම් ලස්සනක් ගැබව තිබුණි. නමුත් මහේශ් ඇය හා සැසදු විට කඩවසම් බව බොහෝ කැපී පෙනෙන්නේ ය. නමුත් මහේශ් ට අවශ්‍ය වූයේ නමට කෙල්ලෙක් පමණි.

" ඒයි නවතිනවා "

ඇයගේ දෑස් ජිල්බෝල සයිස් විය. ඇගේ හිත හොරාගත් අයිස් කුට්ටිය ප්‍රථම වරට තමා අමතයි.

" තමුසෙගෙ නම මොකක්ද? "

" නි..නිල්නෙතු"

" තමුසෙ අද ඉඳන් මගෙ කෙල්ල තමුසෙට තේරුනානේ "

ඇගේ කකුල් පණ නැති විය.ඇයට මෙය හීනයක්ම විය. ඇය දැන් ගොළු වී හමාරය .

" එනවා යන්න ."

ඇගේ අතකින් ඇඳන් ගොස් ඔහු තම මිතුරන් අතරට විත්

"මගේ කෙල්ල."

මිතුරන්ද හොල්මන් වී ගිය අතර ඔහු නැවත ඇය එතන දමා පිටත් විය.

You've reached the end of published parts.

⏰ Last updated: Dec 20, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

නුඹ නමින්Where stories live. Discover now