10th step

197 35 5
                                    

මං උදේ නැගිට්නකොට දැනුනෙ ඔලුව පුපුරන තරමෙ වේදනාවක්...ඇඟට දැනුන අප්‍රාණික ගතියත් එක්ක එහෙම ඇඳේම වැතිරිලා මං මූණ හැරෙව්වා....

මං හෙව්වෙ මිස් ස්ටැන්සායි ව වුණත් එයා අහල පහළක දකින්න හිටියෙ නෑ...

"ඔයා නැගිට්ටද..?"

"ඕහ් ඇනී..."

" ඔයාට දැන් කොහොමද ..? හොඳක් දැනෙනවද..?"

මං හිනාවුනත් මට ඇත්තටම සනීපයක් දැනුන් නෑ...

"මට ටිකක් පණ නැති ගතියක් දැනෙනවා..."

"ඉන්න මං ඔයාගෙ බ්‍රෙක්ෆස්ට් එක ගේන්නම්...කෑවම ටිකක් ඔය ගතිය ඇරිලා යයි..."

"මට කන්න බෑ..මි..මිස් ස්ටැන්සායි කොහෙද කියන්නකො..."

"එයා එළියට ගිහින් හේලි..."

මං මුකුත් නොකියා ඇඳේ වැතිරුණා... හවස් වෙන්න වෙන්න ඇඟේ අමාරු අඩු වුනාම මං නැගිටලා පහලට ආවා... මිස් ස්ටැන්සායි ගෙ සේයාවක් වත් නෑ...

"හේලි.. අපි හෙට ගෙදර යනවා..."

"එහෙමද..."

"මං ඔයාව උදේ එක්කන් යනවා..බඩු ලෑස්ති කර ගමු..."

"ඒ කියන්නෙ මට එයාව බලන් නැතුවම යන්න වෙනවද..."

මං කල්පනාකාරීව මිමිණුවත් මං දන්නවා ඒක ඇනීට ඇහුණා....

"මට රෙඩි කරන්න මුකුත් නෑ ඇනී.මං මෙහෙට ආවෙ හිස් අතින්... ඉතින් යන්න වෙන්නෙත් හිස් අතින්.."

මද හිනාවක් එක්ක කියපු මං දිහා බලලා හුස්මක් පහළ දාපු ඇනී මාවත් එක්කන් උඩට ආවා...
_____________________________________

ලුමියා ජනේලෙ හරහා පේන ඒ මූණ දිහා බලන් හිටියා...ඇනීගෙයි ඒ පුංචි මනුස්ස කෙල්ලගෙයි සංවාදෙ එයාට ඇහුනා ඒ සංවේදී කන් වලට ස්තූතිවන්ත වෙන්න...වචනෙන් වචනෙට ඒ මූණෙ පිරෙන හිස් බව දිහා ඈතින් ඉඳන් බලන් ඉන්නෙක ලුමියාට දැනුණෙ ආත්මයට කිඳා බැහැපු තුවාලයක් ආයෙ ආයෙ පාරනවා වගේ...

හේලියා අන්තිමට කිව්ව වචනත් එක්ක ඒ කලකිරුණු හිත ගැන දැනුණම ඉක්මණට දුවලා ගිහින් තුරුල් කර ගෙන නෑ එහෙම නෑ කියලා කියන්න හිතෙන හැඟීම ලුමියා නවත්ත ගත්තෙ හරිම අපහසුවෙන්...

chairwoman [Completed] ✓✓Where stories live. Discover now