06 ❤

5 3 0
                                    

Yoon-ha's Pov,

ඔය ඉන්නෙ සුරංගනාවියක් වගේ 😌 මන් කණ්නාඩිය ඉස්සරහට වෙලා හැඩ බල බල හිටියා. මන් ඉතින් කොහොමත් ලස්සනයිනේ... හ්ම්... මට අමුතු බයක් දැනෙනවා. මට හරියට සින්දුව කියාගන්න බැරි වෙයිද.. එහෙම වුනොත් හැමෝම හිනාවෙයි... ahhhhgggggg වැඩිය හිතන්න එපා යුන්හා!!! ඔයාට පුළුවන්!!!

-" ඔයා ලෑස්ති වුනාද?"

මන් හිටපු ලෝකෙන් එලියට ආවෙ මිනීගෙ කටහඬින්.

-"අහ්, ඔව්." මන් ආයෙත් සැරයක් කණ්නාඩියෙන් මන් දිහා බලන ගමන් කිව්වා.

-" ඔයා යන්න හදන්නෙ ඔහොම කියලා නම් කියන්න එපා...."

-"ඇයි???"

-"කොණ්ඩෙ ඔහොම හරියන්නෑ..."

-"ඇයි.. මේ අවුල්ද?"

-" නැත්තම්, හොඳටම අවුල්. ඉන්න මන් ලස්සන hair style එකක් දාන්නම් ආයෙ කොල්ලා වශී වෙලා බදින්න හිතෙන්නම."

-" අම්මෝ බයේ බෑ" 😅
.
.
.
.
.
.
.
.

Sang-Hee's Pov,

-"හරිම ලස්සනයි" මන් ඇවිදගෙන යන ගමන් වටපිට බල බල කිව්වා.

-"ඔයා තරම් නෑ" චන් මන් දිහා බලන් කිව්වා. මගේ කම්මුල් වලට ලේ පිරෙනවා වගේ දැනෙද්දි මන් ඉක්මනට අහක බලාගත්තා. එයාට නම් හිනා.

-"එක්කෙනෙක්ට ලැජ්ජ හිතිලා."

-" කාටද? මේ මට?"

-"නෑ මට"

-" ඔයා නම්... දැන් අමුතුයි.." මන් එයාව හිමීට එහාට තල්ලු කරන ගමන් කිව්වා.

-"අමුතුයි? ඉතින් මන් ඇත්තනේ කිව්වෙ."

-" ඉස්සරවගේ නෙමෙයි. නරක් වෙලා වගේ"

-"නෑ, එහෙම නෑ. මන් ඉස්සරත් මෙහෙම තමයි."

-" නෑ, ඔයා ඉස්සර හරි අහිංසකයි"

-"හි හී.. දැනන් ඉදලා තියෙන තරම තමයි"

-"ඇයි...  හිනා වෙන්නෙ... ඔයා ඉස්සර මාත් එක්ක ඔය විදිහට කතාකරේ නැහැ."

-"හ්ම්ම්... ඔව්, මට කතා කරන්න ඕන වුනා. ඒත්, එහෙම නොකර හිටියා."

-" ඔය ඇත්තමද?"

-" ඔව්."

-"ඔයා කලින් ඉදන්ම මට කැමැත්තෙන් හිටියද?"

Love Tone ❤ [Completed]Where stories live. Discover now