CHAPTER 6 - සයවන පරිච්ඡේදය

432 62 13
                                    

ශරට් සහ අෆ්ශාන් ඔවුන්ගේ සංවාදය ඉදිරියට ගෙන ගිය අතර ඔවුන්ට නොදැනිම අශ්ව කරත්තය කාෂී මන්දීරය වෙත පැමිණ තිබුණි.

"අන්න අරක තමයි කාෂි මන්දීරය " ශරට් සිය අත දිගු කරමින් අෆ්ශාන් හට පෙන්වන්නට විය.

අති විශාල මන්දිරයක් වූ එය ඉතා අලංකාරවත් ගෘහ අලංකරණයකින් සාදා නිමකල වටිනා ගොඩනැගිල්ලක් විය, පාෂාන කිහිපයක් යොදාගෙන නිමවා තිබුණු හෙයින් එය අළු පැහැති බිත්ති ලෙස පැවතුනු අතර ඒ මත විවිධ වූ කතා රැගත් සිතුවම් ඇද තිබීම දකිනා ඕනෑම කෙනෙකුගේ නෙත් සිත් වශී කිරීමට සමත් විය, මෙම කාෂි මන්දීරය ඈත අතීතයේ පටන් පැවත එන බවට ශරට් විසින් අෆ්ශාන් හට පැවසූවේ කරත්තයෙන් බසින අතරතුරය.

"ඇත්තටම මේ තැන ගොඩක් ලස්සනයි" අෆ්ශාන් වටපිට බලමින් එලෙස සුන්දරත්වය විදගන්නට විය.

"එන්න අපි ඇතුලට යමු" ශරට් ඉතා උද්‍යෝගයකින් අෆ්ශාන් ගේ අත අල්ලා ඔහුත් සමග මන්දිරයට යෑමට උත්සහ කරත් ඔහු නැවතත් ලැජ්ජාශීලීව අෆ්ශාන් ගේ අත අත්හැර දමා ඔහු දෙස හොරහින් බලා ගලින් නිමකල පඩිපෙළ ඔස්සේ මන්දීරය වෙත යන්නට විය, අෆ්ශාන්ද සිදුවූ දෙය තනිව සිනාසෙමින් ශරට් පසුපසින්ම ගමන් කරන්නට විය.

"ඇයි කවුරුත් පේන්න නැත්තේ " එම කාෂි මන්දිරය තුළ කිසිවෙකුත් නොසිටි නිසා අෆ්ශාන් ශරට්ගෙන් යම් චකිතයකින් අසන්නට විය.

"අපෝ ඕනතරම් අය ඉන්නවා අෆ්ශාන්"

"කෝ පේන්න නෑනේ අපි දෙන්නා විතරයි...මේ අපේ කටහඩවල් දෝංකාර දෙනවා "

"ආහ් මෙතනනම් අපි දෙන්නා විතරයි මේක තමයි අපි නැටුම් පෙන්වන තැන ඒකියන්නේ අර උඩ කාමර වල තමා බලන අය ඉන්නේ ආ ඒවගේම මේ බිමත් ඉන්නවා"

"උඩ කුටි ? ....ඒ මොකක්ද "

"ඇයි අර තියෙන්නේ "

"ඒවට කියන්නේ බැල්කනි කියලා "

"මොනා ? "

"බැල්කනි...ඒ ඉංග්‍රීසි වචනයක්"

"ඔයාට ඉංග්‍රීසි පුලුවන්ද අෆ්ශාන් ? "

"ඔව්....මම රට යන්න ඕන නිසා ඉගෙනගත්තා "

"දෙවියනේ මටත් ඉගෙනගන්න ආසයි"

HASRAT | Indian × Sinhala B×B [ COMPLETED ]Where stories live. Discover now