1️⃣1️⃣ වන දිගහැරුම

327 58 11
                                    

මුලින්ම ගිහින් 10 කොටස බලලා මතක් කරගෙන එන්න ගයිස් 🥲😁

...........................

කේශ්වර

අගනුවරට වහින වැස්ස.....
කේශ්වර උඩ තට්ටුවේ බැල්කනි වැටට බර වෙලා කොච්චර නම වේලවක් ගිහින් ද  දන්නේ නෑ ...
ඒ නෙතු යා වෙලා තිබුණේ එක සීරුවට වැටෙන් වැහි පොදවලට,

කාශ්ඨක අව්වට පදම් වෙලා තිබුනත්  ඔහුගේ උඩුකය නග්න සිරුරට, 
වැස්ස එක්ක එන සීතල  තදින් දැනුණා ....

ටික වෙලාවකට කලින් මැගි අම්මා ගෙනත් දුන්න තේ කෝප්පය ඔහු තම දෑත් වලින් තව තවත් තද කර ගත්තේ ඒ නිසාමද  කොහෙද ....,

ඒ හිතේ බරක්......
නැවත කවමදාවත් ඇස් මානේට නේන්න ගිය ඈ ..
පෙර දින තමා හමුවට ආවේන් කේශ්වරට දැණුනේ නොසන්සුන්බවක්...
ඊටමත් ඈ විත් පැවිසි වදන් තවත් ඔහුගේ සවන් වල රැව් දෙනවා වගේ ..

දරුවගේ අයිතිය ........
ඈ නැවත පැමිණ ඉල්ලන්නේ දරුවගේ අයිතිය,

නොසන්සුන්කමත් පරදා නැගෙන පාලනයකින් තොර වූ කෝපය කේශ්වර දරාගන්න ලොකු වෙහෙසක් දැරුවා.

මීට මොහොතකට පෙර ,
සීතල වෙලා තිබුනු ඔහුගේ උඩු කය නග්න සිරුරට දහඩිය බිදිති එකිනෙක මතුවෙද්දී...
කේශ්වරට දැනුනේ තම ලේ නහර පවා රත් වූ සෙයකි.

ළඟ උන්නා නම් ඈ ගෙල තම දෑතින් සිර වන්නට තිබුණා...

උගුරක් වත් අඩ නොවු උණුසුම් තේ කෝප්පය සීතල වී ගොසින්...
ඒ වෙනුවට අඩකට වඩා අවසන් වී තිබු තෙවන දුම්වැටිය තම දෙතොලතරින් මුදා ගත් කේශ්වර හිද වුන් අසුනෙන් නැගිට ගත්තේ , තවමත් එක සීරුවට වැටෙන වැහි කෝඩයට එක බැල්මක් යොමු කරමිනි....

"  මැගී අම්මා !
මං පොඩ්ඩක් එළියට යනවා, කවුරු ආවත් දොර අරින්න එපා "


" අපේ මහත්තයා ! ,
           සුදු මහත්තයා එහෙම ආවොත් ?? "


" මට කෝල් එකක් දෙන්න කියන්න "

මහින්ස .......
මීට සති දෙකකට පෙර තමා විසින්ම නිවසට ඇරලු ඔහුට නැවත වන්නිකරේයේ රාජකාරි වෙනුවෙන් පැම්ණෙන්න නොහැකි විය..
ඉදින් ඔහුගේ රාජකාරිය වෙනුවෙන් වෙනත් අයෙකු අනුයුක්ත වුයේ ඔහුගේ පියාගේ දැඩි බලපෑම නිසයි,

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now