1️⃣2️⃣ වන දිග හැරුම

311 51 8
                                    


#මහින්ස

" ස..යු..ල් !!! "

තරප්පු පේලිය බහින ගමන් උන්නු මහින්සගේ දෙපා උන් තැනම නතර විය..
ඒ හඬට ඔහු  ගැස්සුනේ නැ කිවෝත් පුදුමයක්..


" තා ත් තා ? "


" තමුන් කොහෙද යන්න හදන්නේ ??? "




" ටිකක් එළියට යන්න කියලා තාත්තා "



" මොනවට ද ! ? "

ඒ හඩේ තිබුණේ තනිකර  අණසක බවක්..
මහින්සගේ හිත කලබලයි.. ඔහු මේ යන්න හැදුවේ කේශ්වරව බලන්න .
සති දෙකකිනුයි ඔහු දකින්නේ ...
හිත ඉල්ලන ඒ රූපේ දකින තුරු මහින්සට ඉවසිල්ලක් නෑ..

" විශේෂ මො..කුත් නෑ තා..ත්තා "

වදන් පැටලු නමුත් මහින්ස පිළිතුරු බැන්දා...
මහින්සට බයයි තම කලබල හිත පියා අදුනගනී කියා,

" තමුන් යන්න හදන්නේ අර මේජර්කාරයාගේ ගෙදරද ආ ?? "


" ත්..තා ත් තා  "

හිතාගන්න බැ පියා කේසේද ඒ බව දන්නේ කියා,
ඔහු නිහඬයි,
ඒ නිහඬ බව ඔහුගේ පියාට පිළිතුරක් ...

" තමුන්ට ඌ එක්ක තියන ගණුදෙනුව මොකක්ද ආ ?? ,
සයුල් මං තමුන්ට මේ කියන අන්තිම පාර  , තමුන් ආයිම කලින් වගේ නාඩගමක් නටන්න හැදුවොත් මං ලේසියෙන් අතාරින්නේ නැ.."



" තාත්තා මොනවද මේ කියන්නේ ??? "



" තමු⁣න්ගේ හිතේ තියන  විදිහට  කිසිම දෙයක් වෙන්නේ නෑ කියලයි මං කියන්න හදන්නේ "





" තාත්තා !!... ඔයා හිතන් ඉන්නේ මං ඔයාගේ සෙල්ලම් බඩුවක් කියලද..
ඔයා කියපු නිසා මං චැනල් එකෙන් අයින් වුනා, ඔයාගේ බිස්නස් වලට ජොයින් වුණා....
තවත් මොනවද තාත්තා ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නේ "



" තමු⁣න්ගේ වෙඩින් එක ලගදිම කෙරෙනවා, ඒකට ලැස්ති වෙනවා ! "




" ම්..මට දැම්ම මැරි කරන්න බැ....
ඒක නිසා මට කරදර කරන්න එපා තාත්තා "




" මොකක්ද උ|ඹ කිවේ සයුල් ! "




"ඇහුණ දේ තමා "



අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now