11

32 9 1
                                    

ජන්කුක් ගියපු විත්තියක් ටේහියුන් දන්නෙ නෑ , පහුවදා උදේ කම්පැනි එකට ඇවිල්ලා පෙන්න නැති උනාට හෙව්වෙ නැත්තේ ජන්කුක් කොහොමත් එනවා කියලා දන්න නිසා

සමාන්‍ය විදිහට කිම් කම්පැනි එකේ වැඩ ටික කෙරී ගෙන ගියා , ටේහියුන්ට ජන්කුක්ව මතක් නොවුනා නෙවෙයි හැබැයි ටේහියුන් වැඩක් කරන්න ගියා ම එකේ ම ගිලෙන නිසා ඒ දේවල් එයාට අමතක වෙනවා

ඔහොම වැඩ කරගෙන ඉන්නකොට ටේහියුන්ට ඔන්න එයාගේ ෆයිල් එකක් හොයාගන්න බැරි වෙනවා ඔන්න කොල්ලා කැගහනෝ

🐯: ජන්කුක්!!

නෝ රිඇක්ෂන්ස් , ආයේත් කලින්ට වැඩිය සද්දෙන් කතා කරපු ටේහියුන්

🐯: ජන්කුක්!!!! අනේ මට අර ෆයිල් එක හොයා ගන්න පොඩ්ඩක් බෑ , පොඩ්ඩක් හොයලා දෙන්නකෝ

ෆයිල් එකෙ මුන ඔබන් කැගැහුවාට ජන්කුක් ආවෙ නෑ කියලා තේරුන නිසා

ටේහියුන් කැබින් එකෙ ඉදන් මේ කැගහන එක ස්ටාෆ් එකෙ අයටත් හොදට ඇහුනා . ඉතින් තවත් එයාලාගේ බොස් කැගහනෝ අහන් ඉන්න බැරි නිසා එක සේවයෙක් කැබින් එක ගාවට ගිහින් තට්ටු කරා

🐯: මොකද ඔය තට්ටු කර කර ඉන්නේ , ඔයාගේ ටේබල් එකත් තියෙන්නෙ මේක ඇතුලෙන එන්න , මට ෆයිල් එක්...

ටේහියුන් කියන් ගිය එක නැවැත්තුවෙ ඒ ජන්කුක් නොවුනු නිසා

🐯: කෝ ජන්කුක් , එයාට ඉක්මනට එන්න කියන්න

Staff guy : සර් , අද ජන්කුක් සර් ආවෙ නෑ . අපි හිතුවෙ සර් දන්නවා ඇති කියලා 

🐯: මොකක්! ආවෙ නෑ

Staff guy : ඔව් සර් , ජන්කුක් සර් තව සති දෙකක් විතර යනකන් ලීව් දාලා තියෙනවා

🐯: ඒ මොකද ?

Staff guy : අපි ඒ ගැන නම් දන්නෙ නෑ සර් . අපි හිතුවෙ සර් දන්නවා ඇති කියලා .

Staff guy:  සර් ජන්කුක් සර් කිව්වා සර්ට ඔනී ෆයිල් සේරම කබඩ් එකෙ name tags ගහලා තියෙනවා කියලා

🐯: ආ හරි 

ටේහියුන්ට ඒකට නම් පොඩි හිනාවක් ගියේ ජන්කුක් එයාගේ වැඩ ටික හොදට කරන නිසා වගේ ම , තමන් ෆයිල් අමතක කරලා හොයන බව දන්න නිසා ෆයිල්වල නේම්ස් ගහලාත් නිසා

Mine Baby | VK (On Hold)Where stories live. Discover now