1️⃣3️⃣ වන දිග හැරුම

336 56 6
                                    

#කේශ්වර

    "  හමුවුනු දාම හිමි වුන සේම දැනුනා
       සිතුවිලි සෑම සම උන සේම හැඟුනා
       ඉපදුන හීන.....සැනසුම දීම.....
       හදතුල රැඳුනා,
       පෙරභවයේද අප හමුවීලා තිබුනා...
       මතක් නොකලාට මතක් වෙනවා
       මතක් වෙනවා, මතක් වෙනවා... "

වාහනේ ගුවන් විදුලියේ ලාවට ඇහෙන ගීතය ...
කේශ්වරට හිතුනේ ඒක එයාටම කියපු එකක් වගේ,
තමාට එහා පස අසුනේ වැටි  මහින්ස සුව නින්දක,
හරි ඉක්මනින් ඒ ඇස්වලට නින්ද ඇවිත් තිබුණේ අඬලා වුන් නිසාමද කොහෙද ..

මදකට වාහනය  නතර කල ඔහු හැරුණේ මහින්ස දෙසටයි,
ඒ මුහුනේ තියෙන්නේ ලොකු තෙහෙට්ටුවක්......
ඉදිමිලා තිබුනු යටි තොලේ උණපු ලේ බිංදුව එහෙමම වේලීලා ගිහින් .......

කේශ්වරට දුකයි,
කොල්ලා මෙහෙම වැටිලා ඉන්න තමනුත් එක හේතුවක් නේද කියලා හිතද්දි .....

අධිකාරීනායක සර්ව හම්බවෙලා එනගමන් හදිසියේම නෙත් ගැටුනේ ඕහේ ඇවිදින රුවක්  .....
නිකමටයි  හුරුපුරුදුයි දැනුන නිසා කේශ්වර වාහනය නතර කලේ...
කොල්ලෝ හිටියේ හොද මානසිකවත්වකින් නෙවේ කියලා ඒ ටිකට කේශ්වර තේරුම් ගත්තා .

ඔහුන්ගේ හමුවීම මහින්සට අහම්බයක් .....
ඒත් කේශ්වරට ඒක එහෙම නැ,
මේ ප්‍රශ්නවලට මහින්සව ඇදලා ගත්තු
එක ගැන
කේශ්වර දසදහසක්වාරයක් හිතින් දුක් වුනා.

ඊටමත් දැන් ටිකකට කලින් ඔහු කල පාපොච්චාරණය,
කේශ්වර තව තවත් රිද්දුවා ......
ඔහුට ඕනී නෑ ඒ අහිංසක හිතත් එක්ක සෙල්ලම් කරන්න .

ඇරත් ඔහු අභියස නොසන්සුන් වෙන
තම හිත.......
අවනත නොවන හැගීම්...

ඒකත් තවත්  පිරිමියෙක් ළඟ ,

ඒ හැගීම  " ආදරය " නම්,
කේශ්වරට මතක නැ විහංගා ඉදිරියේවත් මෙහෙම හැගිම්ක් දැණුනා කියලා ,

ඒක එහෙම වුනත් ඔයාට ඒ ගැඟීම් එක්ක ඉස්සරහට ⁣යන්න පුළුවන්ද කේශ්වර ???

ඔහු ඇහුවේ ඔහුගෙන්.

වෙනස්ම ජිවිත පාරවල් දෙකක්..
සමාජයේ පිළිනොගන්නා බැඳීමක්...
අරමුණු දෙකක්.... නොගැළපීම් ගොඩක් ,
ඉතින් කවදාවත් එක්වීමක් සිදු වේවීද ?

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now