⛓️ 18 ⛓️

188 31 10
                                    

🐥 අප්පා.... ඔයා හැම දෙයක්ම කිවුවා.... ඒත් ඔයාට දෙයක් මගෑරුනා.... මගේ ටේ.... ඇයි අප්පා එයාව එක්කගෙන ආවේ නැත්තේ....

ජීසන්ගේ ඇස් බිමට නැමුනේ ක්ෂණයකින්... එයා දැනගෙන හිටියා චිමී අනිවාර්යයෙන්ම මේ ගැන අහන බව... මුල ඉඳලම එයා හැදුවේ මේ වෙලාවේ ඒ ගැන ජිමින්ට අමතක කරන්න... ඒත් එයා අසාර්ථකයි...

🐥 අප්පා.... අනේ කියන්නකෝ.... ඇයි ඔයා මොකුත් කියන්නේ නැත්තේ.. කෝ මගේ ටේ ....

🐲 මන් බයෙන්ම හිටපු දේ ඔයා අන්තිමට මගෙන් ඇහුවා චිමී.... හ්ම්.... ඔයා ඇහුවා නේද අපි ඔයාව හොයාගත්ත විදහ.... ඒ මේක නිසා ....

අප්පගේ ඇඟිල්ලක් කෙලින්ම දික් උනේ එයාගෙ පපුව දිහාට... ජිමින් ඒ උඩ අත තිබ්බේ ඉබේටම වගේ.. පුංචි ඇඟිලි වලට අහු උනේ කරේ තිබුණ necklace එක... එයා ඒක පිටතට ඇදලා ගත්තා...

🐥 ටේගෙ necklace එක.... එයා මේක මට එදා දීලා ගියේ එයා එනකන් තියාගන්න....

🐲 ඔයා හිතනවද එයා ඒ වෙලාවේ කිසිම වැඩකට නැති දෙයක් ඔයාට දෙයි කියලා... මේක GPS tracker necklace එකක්.. මේ වර්ගයෙන් ලෝකෙටම තියන්නේ කීපයක් විතරයි.. ජූන් මේක ටේට දුන්න හේතුව ඔයාට හිතාගන්න පුළුවන් නේද ...හැබැයි ටේ කොහොම හරි දැනගෙන මේක ගැන....නිකමට වගේ මතක් උන නිසා ජූන් ඒ ගැන බලද්දි තමයි මේක තාම වැඩ කරනවා කියලා දැනගෙන තියන්නේ.... ඒක heartbeat එකත් එක්ක connect වෙන නිසා එයා හිතුවෙ මේක උන් ළඟ ඇති කියලා...

🐥 උන්....කවුද ඒ....කවුද උන් කියන්නේ ....

තමන්ගේ ප්‍රශ්නෙට උත්තරේ මේක නොවුණත් අප්පගෙන් පිට උන වචනෙ එයාට තවත් ලොකු ප්‍රශ්නයක් උනා..

🐲 එදා මේ necklace එක ඔයාට දීලා එද්දි එයාව කට්ටියක් ඇරගෙන ගිහින් තිබුණා.... උන් ඔයා god father ගෙ පුතා කියලා සැක කරලා වගේම mafia එක ගැන, dark Lord ගැන ගොඩක් දේවල් අහල එයාට වද දීලා තිබුණා.. cops ලා නතර කරන එක මට මහාලොකු දෙයක් නෙවෙයි උන්ට අපි එක්ක ප්‍රශ්නයක් තිබුණේ නෑ... මේක පිටිපස්සේ ඉන්නේ වෙන කෙනෙක්.. හ්ම්... ඒත් කිසිම දෙයක් හෙළි කරන්නේ නැතුව එයා විදින්න බැරි හැම වේදනාවක්ම විඳලා මේ ලෝකෙන් ගිහින් තියන්නේ ඔයාවත් ආරක්ෂා කරලා....

 PleASe YoU StaY ALIve  || 🔞 MINGGUK||  [Ongoing]Where stories live. Discover now