1️⃣4️⃣ වන දිගහැරුම

303 48 5
                                    

මහින්ස

ගෙවී ගිය දින දෙකම මහින්ස උන්නේ කාමරේට වෙලා,
සුපුරුදු පරිදි කේශ්වරගේන් ලබන කෙටි පණිවිඩ සඳහා තබන පිළිතුරුක් ඇරෙන්න  මහින්ස ඔහුට දුරකථන ඇමතුමක් හෝ නොදු⁣න්නේ  තම නිවසේ සිදු වු සිදුවීම ඔහුට සැල කිරිමට තිබු අකමැත්ත නිසයි...

මහින්ස දන්නේ නැ කේශ්වරත් පියත් අතරත් සිදු වු හමුවීම ගැන..

එක දිගට නාද වෙන ජංගම දුරකථනය.....
මහින්ස බාත්රූම් එකේ ඉදන් එලියට ආවේ ඒ හඩ නිසා ,

' මැගී අම්මා '  ..... තිරයේ සටහන් වුන නම,
එක් අතකින් තෙත හිස පිහ දමමින් මහින්ස දුරකථන කනේ රුවා ගත්තා ......

එහා පසින් ඇහුන හඬ........
මහින්සගේ දුරකථන නොවැටි බේරුනේ අනූනවයෙන්,
කේශ්වරගේ දරුවත් මැගී අම්මත් යමින් සිටි ත්‍රි රෝද රථය අනතුර පත් වු පණිවිඩය එහා පසින් ඇසෙද්දී
උන්හිටි තැන් අමතක වුනේ මහින්සට,

අතට අහුවෙන ඇදුමක් දාගෙන හරි හදිසියේන් පහලට බහින ඔහුව නතර කලේ ඉදිපස දොර අසල සිටි ආරක්ෂකයෙක්......

" එහාට වෙනවා මනුසයෝ  ! "


" සොරි පොඩි බොස් , ලොකු බොස්ගේ අවසර නැතුව බොස්ට එළියට යන්න දෙන්න බෑ "

" තමුසෙලාට පිස්සු හැදිලා ද අයිසේ,  මට යන්න දීපන් !! "



" පොඩි බොස්ට රිද්දන්න අපිට වුවමනාවක් නැ, ඒක නිසා කරුණාකරලා කියන දේ අහලා ආයෙත් ඇතුළට යන්න බොස් "



" හ්හ .... තමුන්ලටවත් තමු⁣න්ගේ බොස්ටවත් බෑ මාව නවත්තන්න ,අයින් වෙනවා මට යන්...... "


දේහදාරී ආරක්ෂකයින් දෙදෙනා මහින්ස නතර කලත් මහින්ස ලැස්ති නැ ඔහුන්ට පරාද වෙන්න ....


" ස..යු..ල් !!
උ|ඹ|ට යන්නවේ ඕනී ? ,
ඊට කලින් මේක අහලා ප|ල|ය|න් "


තප්පරක් දෙකක්.......
නෑ ඊට වඩා ගෙවුනා, ඉදිරියට තියපු පය එහෙමම නැවතුණා ,
දුරකථන හරහා ගලා ආ  හුරුපුරුදු හඬ...අදුනගන්න මහින්සට අමාරු නැ....

ඇත්තටම ඒ දේවල් කියන්නේ කේශ්වරමද ?? .....

එදා කේශ්වර  සමග වුන කතාබහ රණබාහුගේ දුරකථනයේ පටිගත වු බවක් කේශ්වර දැණන් උන්නේ නැ...
පටිගත කරපු ඕඩියෝ එක මහින්ස ඉදිරියේ ක්‍රියාත්මක වුනා,
හැබැයි ඒකේ වෙනසක් තිබුනා ......
මහින්ස නොදන්න රණබාහු විතරක් දන්න.

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now