𝚂𝚠𝚎𝚊𝚝.

781 138 6
                                    

"මීහි..."

ජන්ග්කුක් විනාඩි පහකින් විතර ටේහ්‍යුන්ගේ මැන්ෂන් එකට ආවේ කෙල්ලගේ නම කියාගෙනමයි.

"ඕහ්..ජන්ග්කුකා...උඹ හිතුවටත් වැඩිය කලින් ආවනේ.මීහිට අමාරුයි කිව්වම උඹට පුදුම විදියට අමාරු වෙලානේ."

ටේහ්‍යුන් හිටියේ සෝෆා එකට වෙලා හිනාවෙවී.දැන් ටිකකට කලින් ගත්තා කියන්න පුලුවන් විදියේ බ්‍රැන්ඩි බෝතලයක් එයාගේ ඉස්සරහ තිබ්බා.

"ටේහ්‍යුන්,මීහි කොහෙද?"

"එයා උඩ රූම් එකේ."

"අහ්.ඉන්න මං බලන්නම්."

"මූව අල්ලගනින්."

ටේහ්‍යුන් ගෙන්නපු එයාගේ ඩෑඩ්ගේ හැඩි දැඩි බොඩිගාඩ්ස්ලා දෙන්නෙක් පඩිපෙළ නගින්න හදපු ජන්ග්කුක්ව ඇදලා බිමට දැම්මා.

"ආහ්...ටේහ්‍යුනා,මේක මොකක් හරි උඹේ විහිළුවක්ද?..මොකක්ද මේ?මීහිට මොකක්ද වුණේ?"

ටේහ්‍යුන් ජන්ග්කුක්ගේ පපුවට කකුල තිබ්බා.

"හෝව් හෝව් කොල්ලෝ..මීහිව බලන්න කලින් මට උඹට ට්‍රීට් කරන්න දෙන්නකෝ."

එතන හිටපු එක මිනිහෙක් තඩි යකඩ මුගුරක් අරන් ඇවිත් ටේහ්‍යුන්ට දුන්නා.

"ට් ටේ..නෑ උඹට මොකක්ද වුණේ?..මං ජන්ග්කුක් බන්...උඹේ යාලුවා."

ජන්ග්කුක් ටික ටික පස්සට ගියා.

"ම්ම්..ඔබ භාවිතා කළ කේතය වැරදියි..ඒක වෙන්න ඕනි ද්‍රෝහියා කියලා මිස්ටර් ජොන් ජන්ග්කුක්..!!!"

"ආහ්..ආහ්හ්...ටේහ්‍යුන්...මගෙ කකුල...ආ"

ටේහ්‍යුන්ගේ පාර ගොඩක් සැර වුණා වගේම ජන්ග්කුක් එයාගේ කකුල අල්ලගෙන කෑගහගෙන වැටුණා.ඒත් එයා නැවතුණේ නම් නෑ...

"මට වැඩිය උඹ ළඟ මොනවද බන් තියෙන්නේ?..ආහ්..ඒක අතෑරපන්...උඹ කොහොමද එහෙම දෙයක් හිතුවෙවත්?"

𝙰 𝙼𝚘𝚝𝚑𝚎𝚛 | 𝙺𝚃𝙷 | 🖤🍁|| ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ ||Where stories live. Discover now