වර්තමානය

210 26 0
                                    

සිද්දියෙන් පසු වසර ගණනාවක් ගත වී හමාරය. ⁣2023 වන විට බංගලාව අරක් ගෙන සිටියෙ වව්ලන් පමණි. රාත්‍රියේ බංගලව ඉදිරියේ දක්නට ලැබුනේ අත්තක වසා හුන් ගිජුලිහිනියන් දෙදෙනෙකු පමණි.

වසර ගණනාවකට පසු බංගලා පාරේ වාහනයක් ගමන් ගනු ඇසිණ. බංගලාව ඉදිරිපිටම කාරය නතර වූයේත් බංගලාව තුලින් වු ඔරලෝසුවෙන් අටේ කනිසම නාද වූයේත් එකම මොහොතේදියි.

"ඔහ් ෂිට්"

කාරය පණ ගැන්වීමට ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වූ පසු කාරයෙන් එලියට පැමිණි තරුණයා කාරයේ ටයරයකට පයින් ගසමින් ගිගිරුවේය.

"මොකද වෙලා තියෙන්නෙ?"

අනෙක් පස දොර විවෘත කරගනිමින් එලියට පැමිණි තරුණියක් තැුණයා අසලට පැමිණිනෙමින් එසේ විමසුවාය.

"අනේ මංදා.. තෙලුත් තියෙනවා.. මොනා වෙලාද මංදා!! මෙතනම නැවතුනානෙ.!"

තරුණයා හිසේ අත ගසා ගනිමින් වටපිට බැලුවේය. හාත්පස ඝන අදුරකි. මිනිස් පුලුටක් පේන තෙක් මානයේ නොවීය.. ඔහු නැවතත් තරුණිය දෙස හැරිණ.

"දැන් මොකද කරන්නෙ ?"

තරුණිය ඇසුවේ භියමුසු මුහුණකින් වටපිට සෝදිසි කරන අතරේදිය.

"මං දන්නෙ නෑ.. වාහනේ ස්ටාට් වෙන්නෙත් නෑ! ගේකට කියලා තියෙන්නෙ මේක විතරයි."

තරුණයා පැවසුවේ බංගලාව දෙසට අත දිගු කරමිනි.

"ඔයා දැන් කියන්නෙ අද රෑ මෙහෙ නතර වෙමුයි කියලද?"

"වෙන මොනාද කරන්නෙ.. ගෙයක් හොයාගන්නත් හැතැප්ම ගානක් පයින් යන්න වෙනවා. දැක්කෙ නැද්ද අපි ආපු පාරෙවත් එක ගෙයක්වත් තිබුනෙ නෑ. "

තරුණයාගෙ කටහඩේ වූයේ වෙනත් විකල්පයක් නැත යන්නයි.

"හ්ම්. ඔයා කියන දෙයක් කරමු එහෙනම්."

තරුණිය ඔහුගෙ අදහසට එකගවෙමින් එසේ කීවාය. දෙදෙනම ඇතුලු වූයේ බංගලාවේ ඉදිරිපස මිදුලටයි. ඇතුලු වත්ම හදිසියේම විශාල සුළඟක් ඔවුන්ව පසු කර ගියේ දෙදෙනාව බියෙන් තැතිගන්වමිනි.

"අපි යන්නම ඕනෙද අනුහස්!"

තරුණයාගෙ අත තරයේ අල්ලා ගනිමින් ඇය පැවසුවේ බියමුසු ස්වරයෙකිනි.

"ඒක නිකන් හුලගක්! මෙහෙ බය වෙන්න දෙයක් නෑ."

පෝටිපෝව තුලට පැමිනි ඔවුන් ⁣බංගලාවේ ඉදිරිපස දොරට තට්ටු කරේ කිසිවෙකු සිටිදැයි සැකහැර දැනගැනීමටයි..

"කව්රුත් නෑ වගේ!"

තරුණයා එසේ පවසමින් ආපසු හැරෙත්ම දොර විවෘත විය. දොර ළඟ සිටගෙන සිටියෙ. ඇයයි!!

ඒ මෙහි වාසය කල ඒ සුරූපි බිරිදයි.

ආගන්තුක යුවල දෙස සිනහවක් සංග්‍රහ කල ඇය ඔවුන්ව නිවෙස ඇතුලට පිලිගත්තාය.

තරුණ යුවලද සැනසුම් සුසුම් පිටකරමින් ඇතුලට පිවි⁣සියේ සිත් සතන් තුල තිබූ බිය දුරුකරගනිමිනි..

"ඔය දෙන්නා මේ රෑ වෙලා මොනාද කරන්නෙ?"

"කරදර කරාට සමාවෙන්න. අපි ⁣මෙහෙ පොඩි නිවාඩුවකට ආවෙ. කන්ද උඩ තියෙන හොටෙල් එකට යන්න ගියේ. මගදි කාර් එක මොනා හරි වෙලා නැවතුනා"

තරුණයා, කාන්තාවගෙන් සමාව ඉල්ලමින් එසේ පැවසීය..

"කන්ද උඩ හෝටලයකුත් තියෙද?? දැන් ගොඩක් කල් ගත වෙලානේ. සමහර විට ඇති"

කාන්තාව පැවසුවේ සාලයට වම් පසින් පිහිටි තම සැමියාගේ කාර්යාලය දෙස බලමින් සුසුමක් හෙලමිනි. තරුණ යුවලට ඒ පිලිබදව හරිහැටි තේරුම් නොගියද, ඔවුන් ඒ පිලිබදව විමසී⁣මට ගියේ නැත.

"ඔය ළමයින්ට බඩගිනිද?"

"ඔ.."

තරුණයා වචන ගිලගත්තෙ තරුණිය ඔහුගෙ පය පෑගු හෙයිනි.

"කරදර වෙන්න එපා. අපි එන ගමන් කාලයි ආවා. පුලුවන්නම් උදේ වෙනකල් නවතින්න ඉඩ දෙනවද?"

තරුණිය විමසන විට කාන්තාව මහ හයියෙන් සිනාසුනාය.. අන්දකාරයත් සමග මුසු වූ සිනහව වඩාත් බයංකර විය.

"සමාවෙන්න, තනියෙන් ජීවත් වෙද්දි පාළු කපා ගන්න මං හයියෙන් හිනා ⁣වෙනවා පුරුද්ද⁣ට, ඔය ළමයි දෙන්නට මං කාමරයක් දෙන්නම්.. එන්නකො මා එක්කලා"

කාන්තාව සිනහව යටපත් කරගනිමින් පැවසීය. තරුණ යුවල ඇය සමගින් තරප්පු පෙල දිගේ ඉහල මාලයට ගියෝය. ඔවුන් පිවිසුනේ අඩි කිහිපයක් දිගින් යුත් කොරිඩෝවකටයි. වම් පස කොරිඩෝව එහා පැත්තෙ කාමර තුනක්ද දකණු පස කොරිඩෝව එහා පැත්තෙ කාමර තුනක්ද පිහිටා තිබින. වම් කොරිඩෝවෙ කෙලවරම පිහිටි කාමරයක දොර ඇරදුන් කාන්තාව,

"සුවපහසුකම්නම් මදි ඇති, මහත්තයා මැරුණට පස්සෙ මේ කාමර පාවිච්චියට නොගත්ත තරම්."

"අනේ ඒකට මොකද.. මේ ටික හොදටම ඇති."

අදුරු හෝරා|✔|Where stories live. Discover now