Busy Hubby

612 128 49
                                    

"ඔයිහ්!!" ටේහ්යුන්ග් නැගිට්ටේ කාමරේ ඇරිලා තිබ්බ කර්ටන් වලින් එළිය කාමරේට වැටෙද්දී... එක ඇරලා තියෙන්නේ maid කෙනෙක් කියලා නම් ටේහ්යුන්ග් දන්නවා... ඊයේ රෑ ගෙදර ඇවිත් රණ්ඩුවක් දාගත්ත නිසා නිදාගත්තේ පහු වෙලා, ඉතින් ඒ නිසා ටේහ්යුන්ග්ට ජන්කුක් යන්න කලින් නැගිටලා එයාට බ්‍රෙක්ෆස්ට් එක හදා දෙන්න බැරි වුනා... එත් එයා regret කරේ නම් නෑ...Well deserved!!

"උදේම නැගිට්ට වෙනවා නේ!!" ටේහ්යුන්ග් ක්ලොක් එක දිහා බලන් මිමිණුවේ වෙලව අටයි කියලා දැනගෙන.. කොහොමත් ජන්කුක්, ටේහ්යුන්ග්ට කම්මැළි වෙන්න නම් ඉඩ දුන්නේ නෑ.. ඒ නිසා හැමදාම අට නවය වෙනකම් තමා උපරිම නිදාගන්න පුළුවන්..!!

"තව විනාඩි දහයක් දුන්නා නම්.." ටේහ්යුන්ග් bedsheet එක අයින් කරන්නේ නැතිවම ආයේ ඇදේ පෙරලුනේ තිබුණු කම්මැළි කමට..

"ටේ baby.. ඔයාගේ බ්‍රෙක්ෆස්ට් එක ගන්නේ නෑ ද? ජන්කුක් මයි අද හදලා ගියෙ.." Jungkook ගේ ඔම්මා ටේහ්යුන්ග් ගේ කාමරයට ආවේ ජන්කුක් අයෙත් කෝල් කරලා ටේහ්යුන්ග්ව නැගිට්ටන්න කිව්වා නිසයි..

"ඔයිහ්, ඔම්මා!! මේ උදේ පාන්දර නැගිට්ටවන්නේ ඇයි අනේ?? පොඩ්ඩක් නිදාගන්න දෙන්න කියන්නකෝ ඔයාගේ ජන්කුක්ට.." ටේහ්යුන්ග් අයෙත් ඇදේ පෙරළෙන ගමන් කිව්වා..

"නැගිටින්න baby, ජන්කුක් ගේ කියවිල්ල අහන් ඉන්න වෙන්නේ මට නේ.. ඒ නිසා දැන් නැගිටින්න.." ඔම්මා කිව්වේ ටේහ්යුන්ග් ගේ කකුලට තට්ටු දාන ගමන්..

"හරි mom.. මං දැන් නැගිටින්නම්.. " ටේහ්යුන්ග් අමාරුවෙන් ඔලුව උස්සන් අයෙත් ඇදේ කකුල් තියෙන පැත්තට ඔලුව දාගෙන නිදාගත්තා..

"ඊයේ ඇවිත් හෙන රණ්ඩුවක් දාගත්තා නේ ද???" ඔම්මා ඇහුවේ ටේහ්යුන්ග් ගේ ඇදේ තිබුණු කොට්ට ටික ගසන ගමන්..

"කලින් කෙල්ලෝ හිටියට කමක් නෑ ඔම්මා, උන් මෙතැන ඇවිත් මගේ මිනිහට baby ගාද්දී මට නහය තැලෙන්න දෙන්න හිතෙනවා.." ටේහ්යුන්ග් ඔලුව විතරක් ඇදෙන් බිමට දාලා නිකන් පත්තෑයෙක් වගේ බිමට බඩගෑවා..

"හිතලා නෙවේ කරේ කිව්වේ.. ඒ කෙල්ල ආවද කියලා දැනගෙනවත් නෙවේ ඉදලා තියෙන්නේ.." ජන්කුක් ගේ ඔම්මා ජන්කුක් ගේ පැත්තට කතා කරා..

You've reached the end of published parts.

⏰ Last updated: Feb 13, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Billionaires stubborn boyfriend | TaekookWhere stories live. Discover now