🤍🌹zhanyi🌹🤍

131 27 11
                                    

Zhan's pov

ආදරේ කියන්නෙ මහ සංකීර්ණ මාතෘකාවක්..මහ පොළොවෙ ඉපදෙන  කිසිම මනුස්සයෙක්ට කවමදාවත් හරියටම තේරුම් ගන්න බැරි සමීකරණමය හැඟීමක්....

ඉතින් මේ ලෝකෙ කිසිම තැනක ආදරෙන් පාස් උනු මිනිස්සු ඉන්න විදිහක් නෑ..ඒත් එහෙමයි කියලා මේ ලෝකෙ හැමෝම ආදරෙන් ෆේල් උනු මිනිස්සු වෙන්නෙත් නෑ...ඒක මගේ මතය කියලා ඔයාලා හිතයි..ඒත් ඇස් ඇරලා ලෝකෙ දිහා බැලුවොත් ඔයාලට ඒක හරි අපූරුවට තේරුම් ගන්න පුලුවන් වෙයි...

අද...ඔව් අද  විශේෂ  දවසක්...කැලැන්ඩරෙත් ඒ දවස යටින් මෙහෙම පුංචි හැදින්වීමක් ලියවිලා...

𝓥𝓪𝓵𝓮𝓷𝓽𝓲𝓷𝓮 𝓭𝓪𝔂!❤️

єηנσу уσυяαу ωιтн уσυ ℓσνιηg ση¢є..🍫🌹

ඉතින් ඔව් අද පෙබරවාරි 14...

මුළු ලෝකෙම මිනිස්සු ආදරේ වෙනුවෙන් තෝරගත්තු දවස.. ආදරේට මොකටද දවසක් අහයි හැමෝම ඒ්ත් මං ආසයි ඔයාලගෙන් ඒ ප්‍රශ්නෙ වෙනස් විදිහකට අහන්න...ඔව් ඊට වඩා ගොඩක් වෙනස් විදිහකට...

1.අද දවසෙවත් ඔයාලට ඔයාලට ඕනිම කරන විදිහෙ ආදරයක් ලැබෙනවද...

2.ඔයා කවුරුම හරි කෙනෙක්ට ඔයා ලබන්න ආසම විදිහෙ ආදරයක් අද දෙනවද...

මං දන්නවා ඔයාලා ළග තියන උත්තර ...ඒවා වචන පහක දහයක ඒවා නොවන බව..සංකීර්ණ උත්තර...ඒත් මට අද ඕනි සරල උත්තරයක්...හරියට ඔව් /නෑ කියන වචන දෙකෙන් එකක් වගේ...

මම ඔයාලව අමාරුවෙ දැම්මද...සමහර විට ඔව්...සමාවෙන්න ඒකට...

ගොඩක් අයට පලවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න අමාරු ඇති...
මොකද මේ ලෝකෙ අපිට ඕනි කරන විදිහට තවත් කෙනෙක්ගෙන් ලබාගන්න අමාරුම හැඟීම ඒක ආදරය නිසා...

ඒත් පලවෙනි ප්‍රශ්නෙට ඔයාලා ළග තියන පිලිතුර  ඔව් නම් ඔයාලා හැමෝටම Happy valentine !❤️

දැන් දෙවෙනි ප්‍රශ්නෙ...ඒ ප්‍රශ්නෙට උත්තරය නෑ කියන එක නම්...ඇත්තටම ඒක එහෙම නම් කවමදාවත් ආදරයක් තමන්ට නොලැබුනු එක වෙනුවෙන් දුක් වෙන්න ඔයාට අයිතියක් නෑ...මොකද ඔයා ආදරණීය හදවතක අයිතිකාරයෙක් නොවෙන නිසා...

Naabot mo na ang dulo ng mga na-publish na parte.

⏰ Huling update: Feb 13, 2023 ⏰

Idagdag ang kuwentong ito sa iyong Library para ma-notify tungkol sa mga bagong parte!

🍫🌹𝓥𝓪𝓵𝓮𝓷𝓽𝓲𝓷𝓮 🌹🍫Tahanan ng mga kuwento. Tumuklas ngayon